පුරවැසියෙකුගේ සාධනීය විවේචනයක් පිළිගනිමින් සුනිල් හඳුන්නෙත්තිගෙන් ප්‍රතිචාරයක්

sunil-hadunneththi-new

තමන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු පෙන්වාදුන් සාධනීය විවේචනයක් පිළිගනිමින් ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති කණගාටුව පළ කර තිබෙනවා.

පසුගියදා ජන හමුවක් අමතමින් ලොව ප්‍රකට තාක්ෂණ ව්‍යවසායකයෙකු වන Elon Musk පිළිබඳව සුනිල් හඳුන්නෙත්ති අදහස් දැක්වූ අතර, ඒ පිළිබඳව සාධනීය විවේචනයක් සිදුකරමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සංජය ඇල්විටිගල ඊයේ (31) YouTube වීඩියෝවක් නිකුත් කර තිබුනා.

එම සාධනීය විවේචනය පිළිගනිමින්, තම කතාවේදී Elon Musk ට “හාදයා” යනුවෙන් ඇමතීම තමන් ඉදිරියේදී නිවැරදි කරගන්නා බවද, එය පෙන්වා දීම පිළිබඳව සංජය ඇල්විටිගලට ස්තූතිවන්ත වන බවද සඳහන් කරමින් සුනිල් හඳුන්නෙත්ති Facebook සටහනක් තබා තිබෙනවා.

එසේම “ආර්ථික ඝාතකයෙකු” ලෙස තමන් නම් කළේ Elon Musk නොව ජේම්ස් ෆැකර් සහ ජෝර්ජ් සොරොස් යන අය බවද, එනමුත් තම කතාවේදී එවැන්නක් හඟුනේ නම් ඊට කණගාටුව ප්‍රකාශ කරන බවයි ඔහු එහි වැඩිදුටත් සඳහන් කර ඇත්තේ.

අදාළ Facebook සටහන පහතින්.

665ac63195969