එංගලන්ත ජාතික තරුණිය​කගේ බෑගය සොරකම් කළ සැකකරු අත්අඩංගුවට

england-arrest

එංගලන්ත ජාතික තරුණියකගේ ඩොලර් 20,000 ක පමණ වටිනා දෑ අඩංගු බෑගය පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ බස් රථයක් තුළදී සොරාගත් පුද්ගලයා කැලණිය පෙතියාගොඩ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සංචාරක වෙළෙන්දෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් බවයි පිටකොටුව පොලිසිය සඳහන් කළේ.

එම සැකකරු සොරාගෙන තිබූ ලැප්ටොප් පරිගණකය, කැමරාව, බැංකු කාඩ්පත් හා ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු සියලුම දේපළ පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.