රණවිරු දින සැමරුම් උත්සවය අද

National-Ranaviru-Monument

රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරුවේ බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 4.00 ට රණවිරු දින සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති LTTE ත්‍රස්තවාදය පරාජයට පත් කර ඊයේ (18) දිනට වසර 15 ක් සපිරුණා.