අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුරගමන් ප්‍රවාහන සේවා මේ වනවිට ආරම්භ කර ඇති බව ප්‍රවාහන බලධාරින් පවසනවා.
ලංකා ගමනාගමන මණ්ඩලය උත්සවය සමය වෙනුවෙන් බස් රථ 1,400ක් ධාවනයට එක්කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.
උත්සවය සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුම්රිය 12ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන), නන්දන ඉඳිපොලගේ සඳහන් කළේ.

