ගුරු අවශ්‍යතා සම්පුර්ණ කිරිම සදහා ඉංග්‍රිසි මාධ්‍ය යෙන් විෂයයන් උගන්වනු ලබන අනුමත ගුරුවරු 6500ක් දක්වා වැඩි කිරිමටත් ඒ සදහා ඉංග්‍රිසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වනු ලබන ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඉංග්‍රිසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විෂයයන් ඉගැන්වීම සඳහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 4441ත් වුවත්,ඒ සදහා ගුරුවරුන් 6500ක පමණ අවශ්‍යතාවයක් පවතින බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
බොහෝ පාසල්වල දැනට සේවයේ නියුතු ගුරුවරු සංඛ්‍යාවට අතිරේකව අවශ්‍ය කටයුතු සැලසුම් කරගනිමින් ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගැන්විම් පුළුල් කර ඇති බව පාසල් 765ක් සම්බන්ධයෙන් සිදු කරන ලද ඇගයිමකදි හදුනාගෙන ඇති බවද සඳහන්.
අදාළ කැබිනට් තීරණය පහතින්.


