කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට අනුබද්ධිත මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රය විසින් දෙවන වරට පැවැත්වු නොමිලේ ජංගම නීති උපදෙස් කඳවුරක් සහ නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් නුවරඑළිය ආගරපතන වතුයාය කේන්ද්‍ර කරගනිමින් පසුගිය (17) දින පැවැත්විණි.
ආගරපතන ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී පැවැති මෙම වැඩසටහනේ දි කම්කරු ආරවුල්, ඉඩම් ආරවුල්, මුදල් ආපසු අයකරගැනීම්, පවුල් ආරවුල්, පාරිසරික ගැටලු, පහරදීම්, මිනීමැරුම්, මංකොල්ලකෑම් ආදී සියළුම නීතිමය ගැටලු සම්බන්ධයෙන් නොමිලේ නීතීඥ උපදෙස් ලබා දීම සිදුවිය.
නීතිමය ලේඛණ සකස්කිරීමට නීති උපදෙස් ලබා දීම සහ යුක්තිදාම ආයතන වෙත යොමු කිරීම ඇතුළු කටයුතු ද මෙහිදී සිදුවිය.
ඒ සඳහා නුවරඑළිය සහ හැටන් නීතිඥ සංගම් නියෝජනය කරමින් සිවිල් සහ අපරාධ නීති ක්ෂේත්රවල ප්‍රවීණ නීතිඥ මහත්ම මහත්මීන් රැසක් සහභාගී වුහ.
මෙම වැඩසටහන මගින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් සහ ආන්තිකත්වයට පත්වූ ප්‍රජාවන්ට නොමිලේ නීතීඥ උපදෙස් ලබා දීම සඳහා කටයුතු කල අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති සිසුන්ට වෘත්තික අධීක්ෂණය යටතේ නීති අධ්‍යාපනයේ න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්ෂේත්‍ර අත්විඳීමට ඉඩ සැලසිම විශේෂිතය.
මෙම වැඩසටහන සඳහා යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE) යටතේ යුරෝපා සංගමයේ මූල්‍ය අනුග්‍රහයෙන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඒකාබද්ධව, අධිකරණ අමාත්‍යාංශයේ අනුදැනුම යටතේ අනුග්‍රහය දැක්වීම සිදුකර ඇත.
20.02.2024
ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය