මියගිය සනත් නිශාන්ත අමාත්‍යවරයාගේ පුද්ගලික ආරක්ෂකයෙක් ලෙස සේවය නියුතුව සිටි, අනුරාධ ජයකොඩි පොලිස් කොස්තාපල්වරයාගේ පවුලේ ඥාතීන් වෙත මුදල් පරිත්‍යාගයක් ලබා දී තිබෙනවා.
ඒ අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අතින් ඔහුගේ පවුල වෙත රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබා දී තිබෙන බවයි සඳහන් වන්නේ.
එසේම, මිය ගිය පොලිස් කොස්තාපල්වරයා සැරයන් නිලයට උසස් කර තිබෙන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.