රු. 20,000කින් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා රාජ්‍ය සේවකයින් හෙට වැඩ වර්ජනයක

gov-office

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රාජ්‍ය සේවකයින් හෙට (12) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වන බව රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

ඒ අනුව  එහි සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි සඳහන් කළේ, තවත් වෘත්තීය සමිති කිහිපයක සහභාගීත්වයෙන් දිවයින පුරා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවයි.

රුපියල් 20,000 ක වැටුප් වැඩි කරන ලෙස ඔවුන් ඉල්ලා සිටින අතර විසඳුමකින් තොරව සිය ක්‍රියාමාර්ග අත්නොහරින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.