අස්වැසුම දෙවන අදියරට අයදුම්පත් කැඳවීම ජනවාරි මාසයේදී

aswesuma-aswasuma-welfare

අස්වැසුම දෙවැනි අදියර සඳහා ලබන ජනවාරි මාසයේදී අයදුම්පත් කැඳවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඊට පෙර පළමු අදියර පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

පළමු අදියර ක්‍රියාත්මක කිරීමේ දී ඇති වූ ගැටළු ද, විවිධ පාර්ශ්ව වෙතින් ඉදිරිපත් වූ යෝජනා ද මෙම සමාලෝචනයේදී සැලකිල්ලට ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.