දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

cigarette-arrest

ගුවන් මගියෙකු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබූ රුපියල් විසි දෙලක්ෂ අසූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු ගම්පොළ, පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි, නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන ව්‍යාපාරිකයෙක් බවට හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මොහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ “මැන්චෙස්ටර්” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 22,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 114 ක් සඟවා ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.