ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණයකට සුදානම් බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මේ බව සඳහන් කර ඇති අතර එය සිදුවන්නේ කවදා දැයි ඔහු ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කර ඇත්තේ යුධ ටැංකි යොදා ගනිමින් උතුරු ගාසා තීරයේ ඉලක්කගත වැටලීමක් සිදුකළ බවත්, සටන්වල මීළඟ අදියර සඳහා සූදානම් වීම සඳහා මෙය සිදුකළ බවයි.
මේ අතර ගාසා තීරයේ ඉන්ධන අවසන් වීමත් සමඟ රෝහල් හදිසි සේවා හැර අනෙකුත් සියල්ල නවතා දමා ඇති අතර සහන සේවා කටයුතුවල නිරත වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්ද ඉන්ධන අර්බුදයකට මුහුණ දී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඔක්තෝබර් 7 වනදා සිට ගාසා තීරයේ පුද්ගලයින් 6,500 ක් මියගොස් ඇති අතර ඊශ්‍රායලයේ පුද්ගලයින් 1400 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඊශ්‍රායලය ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් බව ප්‍රකාශ කරයි
-
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා-පැසිෆික් කලාපීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක…
Read more >> -
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකාර සෝබර්ස්ට SLC ශෝකය පළකරයි…..
Read more >> -
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ….
Read more >> -
වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්……
Read more >> -
තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්……
Read more >> -
අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට…..
Read more >> -
යෝෂිතගේ නඩුවක් විභාගයට ගනී…..
Read more >> -
නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්……
Read more >> -
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බස් රථ වැටලීම් දැඩි වෙයි…..
Read more >> -
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට නව මුහුණක්…..
Read more >>

