Channel 4 චෝදනා ගැන සෙවීමට ජනපතිගෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

ranil-75-meet[1]

පාස්කු ප්‍රහාරය ගැන Channel 4 වාර්තා වැඩසටහනෙන් හෙළිදරව් කළ කරුණු සහ චෝදනා සම්බන්ධයෙන් සොයා ලැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික ගුවන් හමුදාපති ඒ. සී. එම්. ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතිඥ හර්ෂ ඒ. ජේ. සෝසා පත්කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.