Fitch Ratings ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය මෙරට දේශීය මුදල් ණය පිළිබඳ වර්ගීකරණය C මට්ටමේ සිට RD හෙවත් සීමිත පැහැරහැරීමේ මට්ටම දක්වා පහත හෙළා තිබෙනවා.
දේශීය බැඳුම්කර හුවමාරුවට අදාළ බැඳුම්කර වර්ගීකරණය D මට්ටමට පහත හෙළා ඇති අතර, එලෙස හුවමාරුවට ලක්නොවූ බැඳුම්කර C මට්ටමේ වර්ගීකරණය කර ඇති බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

