පාස්කු ප්‍රහාරයට අදාළ මෝසම් සලකාබැලීමට දින නියම කෙරේ

easter-attack-1

පාස්කු ප්‍රහාරයට අදාළව, මේ වනවිට තීන්දු ලබාදී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ගොනුකර තිබෙන මෝසම් පත්‍ර සලකාබැලීම සඳහා නොවැම්බර් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) දින නියම කර තිබෙනවා.

අදාළ මෝසම් අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් විසින් මෙම මෝසම් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.