යතුරුපැදි අනතුරකින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

accident

මඩකලපුව-ත්‍රිකුණාමලය මාර්ගයේ ඕටමාවඩි දුම්රිය හරස් මාර්ගය අසල සිදු වූ රිය අනතුරකින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

පෞද්ගලික බස්රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

යතුරුපැදියේ ගමන් කරමින් සිටි 13 හැවිරිදි දැරිය අනතුරින් බරපතළ තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, යතුරුපැදිය ධාවනය කරමින් සිටි පුද්ගලයාද බරපතළ තුවාල ලබා එම රෝහලේම ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.