සෞඛ්‍ය වෘත්තීය සමිති 22 වනදා විරෝධතාවකට සැරසෙයි

dr-jayantha-bandara

සෞඛ්‍ය අර්බුදයට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළකරමින් එළඹෙන 22 වනදා දිවයිනේ සියලු රෝහල් ආවරණය වන පරිදි විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර සඳහන් කළේ, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සිය ජීවිකාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් එක්ව මෙම විරෝධතාව සංවිධානය කරන බවයි.
ආණ්ඩුව සෞඛ්‍ය සේවය නොසලකා හැරීම හේතුවෙන් ජනතාව සමඟ එක්ව මෙයට පිළිතුරු සෙවීමට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.