ඖෂධීය කංසා වගාව සඳහා අවසරය හිමිවෙයි

kansa-ganja-medical-hemp

ආයුර්වේද පනත සංශෝධනය මඟින් ආයුර්වේද ඔසු වගා කිරීම සඳහා අවශ්‍ය අවසරය ලබාදුන් බවද, ඒ හරහා කංසා වගා කිරීම සඳහා අවසර හිමිවන බවද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.
ඒ අනුව වාණිජමය වශයෙන් ඔසු වගාව සිදුවිය යුතු අතර ඖෂධීය කංසා සම්බන්ධයෙන් අදාළ නීති රාමුව තුළ දක්වා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඖෂධීය කංසා වගා වැඩසටහන ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සමඟ ඒකාබද්ධව සිදුකරන බවත්, මෙම අවසරය හරහා මෙරට විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවද ඔහු සඳහන් කළා.
ආයුර්වේද නීති සංග්‍රහය, ඖෂධීය ශාක සහ නීතිමය රාමුවක් ගැසට් නිවේදනයක් මඟින් ඉදිරි සති කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බවද මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.