ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම ගැන දැනුම්දීමක්

presidential-secretariat

2022/2023 වසර සඳහා ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අයදුම්පත් භාරගන්නා අවසන් දිනය අගෝස්තු 25 වනදා බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

වැඩි විස්තර සඳහා www.presidentsoffice.gov.lk වෙත පිවිසෙන්න ලෙසයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කරන්නේ.