පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඬුවම් ලැබිය හැකි වරදක් හෙයින් ඍජුව හෝ වක්‍රව ඒවායේ නිරත වීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම්දෙනවා.
අන් අය බඳවා ගැනීම මඟින් ඉක්මණින් පොහොසත් විය හැකි ක්‍රම ලෙස හෝ අන්තර්ජාලය හරහා පහසුවෙන් මුදල් ඉපැයිය හැකි ක්‍රම ලෙස, ඒවා ක්‍රියාත්මක කරන වංචාකරුවන් විසින් මෙම පිරමීඩ යෝජනා ක්‍රම ඉදිරිපත් කරන බවද, ඒවාට නොරැවටී තමන් උපයාගත් මුදල් රැකගන්නා ලෙසද මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ප්‍රකට ක්‍රීඩා, ආගමික හෝ විනෝදාශ්වාද අවස්ථා සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම මඟින් ඒවා ක්‍රියාත්මක කරන වංචාකරුවන් යහපත් පුද්ගලයින් සේ සමාජයේ පෙනී සිටීමට උත්සාහ කරන බවද මහ බැංකුව පෙන්වා දෙනවා.
එවැනි යෝජනා ක්‍රම 8 ක් පිළිබඳව මේ වනවිට මහ බැංකුව මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කර ඇති බවද, ඊට අමතරව තවත් පිරමීඩ යෝජනාක්‍රම පැවතිය හැකි අතර ඒවා පිළිබඳව ද මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විමර්ශනය කරමින් සිටින බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
නිවේදනය පහතින්.
පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඬුවම් ලැබිය හැකි වරදක් – ශ්‍රී ලංකා මහ බැංකුව
-
බේරුවලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4ක් සොයාගනී….
Read more >> -
ආපදා මරණ 465 දක්වා ඉහළට…..
Read more >> -
ඉදිරි දින කිහිපයේ කාලගුණය ගැන නිවේදනයක්…..
Read more >> -
කාර්යාල දුම්රිය ධාවනය ගැන පැහැදිලි කිරීමක්….
Read more >> -
වසා දැමුණු වන උද්‍යාන සහ සංචාරක නිවාස කිහිපයක් හෙට සිට විවෘත කෙරේ….
Read more >> -
සියදිවි හානි කරගන්න මල්අතු ඔයට පැන්න මව බේරාගනී – දරු දෙදෙනා සොයා මෙහෙයුම්….
Read more >> -
නෙළුම්මල ගම්මානයම මළ ගමක් කළ නායයෑම….
Read more >> -
ගංවතුර බැස යාමත් සමඟ වසංගත රෝග පිළිබඳව විමසිලිමත් වන්න…..
Read more >> -
අසත්‍ය පුවත් සමාජගත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර….
Read more >> -
මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්….
Read more >>

