හරීන් ඇප මත මුදා හැ​රේ

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

මැතිවරණ නීති උල්ලංඝණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය විසින් හිටපු අමාත්‍යවරයා අද (20) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා.