සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි……

News Iamges.00_00_00_09.Still3078

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (08) ප්‍රතික්ෂේප කළේය.

මෙම සැකකරුට ඇප ප්‍රදානය කිරීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

ඒ අනුව සැකකරු ලබන 22 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියම කළේය.