කැකිරාව ප්‍රාදේශිය සභාව යටතේ මෙතක් කල් පවත්වාගෙන ආ බව කියන කැකිරාව නගරයපවත්වාගෙන යනු ලබන සති පොල මෙවර ප්‍රාදේශීය සභාව මඟින් කැකිරාව ප්‍රදේශයේ පුද්ගලයකුට ටෙන්ඩර් ලබා දිමට කටයුතු කර ඇතැයි ද ටෙන්ඩර්කරු විසින් අසාධාරණ ලෙස ඉහළ බදු මුදලක් තමන්ගෙන් එකතුකරන බවද කැකිරාව සතිපොල වෙළදුන් චෝදනා කරයි.
ඒ අනුව සතිපොල බදු අය කිරිමට පැමිනි ටෙන්ඩර් කරු ඇතුලු පිරිස අධික බදු මුදලක් තමන්ගෙන් අය කල බවද එය තමනට දරා ගැනිමට නොහැකි බවද පවසන වෙළදුන් වෙනත් සති පොලවල් වල එලෙස අසාධාරණ බදු මුදල් අය නොකරන බවද පෙන්වා දෙති.
මෙහිදි අද සතිපොල මුදල් එකතු කිරිමට පැමිණි පිරිස හා වෙලෙදුන් අතර තරමකඋණුසුම් තත්වයක්ද හට ගැනින.
මෙලෙස අසාධාරණ ලෙස බදු මුදල් අය කළ ද සතිපොළ වෙලෙදුන්ට අවශ්‍ය වැසිකිළී පහසුකම්හෝ සතිපොළ භූමියේ නිසි ලෙස නොමැති බවද එම වෙළෙදුන් පෙන්වා දෙති.
මෙහි වෙලදාමේ නිරත ඇතැම් පිරිස් දැනට වසර 40ක පමණ කාලයක සිට මෙම පොලෙහි වෙලදාම් කටයුතුවල නිරත වන බවද එම ඉතිහාසයේ මෙවැනි අසාධාරන බදු මුදල් අයකිරිමක් සිදු නොවු බවද ඔවුහු පෙන්වා දෙති.
මේ අනුව සතිපොලෙන් අය කෙරෙන නව බදු මුදල් සදහා වෙලදුන්ගේ දැඩි විරෝධතාවයක් ද එල්ලවි තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ තම ව්‍යාපාරික කටයුතු වලට මෙලෙස අසාධාරන ලෙස බදු පැනවිම මගින් තමන් කබලෙන් ලිපට වැටි ඇති බවයි. එසේම මෙලෙස අසාධාරණ ලෙස අයකරන බදු මුදල සෘජුවම සභාවට හෝ රජයට නොලැබෙන බවත් එය තුන්වන පාර්ශවයක් වන ටෙන්ඩර්කරුගේ අතට පත්වන බැවින් මේ සදහා සාධාරනයක් ඉටුකරන ලෙසත්, තමන් මෙම රජයෙන් බලාපොරොත්තු වු සහනය මෙය නොවන බවත් වෙලෙදුන් පෙන්වා දෙති.
සතිපොල ටෙන්ඩරය ලබා ගත් පුද්ගලයා පවසන්නේ එම බදු මුදල් අයතිරීම ප්‍රාදේශීය සභාවේ තීරණයක් අනුව සිදුකරන බවයි.
මෙම අවස්ථාවේ කැකිරාව ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ බලය හිමි ජාතික ජනබල වේගයේ මංත්‍රීවරයකු වන නවරත්න බංඩාර මහතාද සති පොලට පැමිණී සිටි අතර ඔහුට ද මෙම අසාධාරණ බදු අයකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට වෙළෙදුන් කටයුතු කරනු ලැබීය. වෙළෙදුන් හමුවේ ඔහු කියා සිටියේ තමන්ද එම අවස්ථාවේ ගැටළුව ගැන නොදන්නා බවත් තමන්ද බඩු ගන්න පොලට ආ බවයි. කෙසේ වෙතත් මෙවළදුන් පත්ව ඇති මෙම අපහසුතාවය සම්බන්ධයෙන් ස භාව දැනුවත් කරන බවටද මංත්‍රීවරයා එහිදී වෙළෙදුන්ට පොරොන්දු විය.
කැකිරාව සතිපොල වෙළදුන් ඉල්ලා සිටින්නේ ටෙන්ඩරය අහෝසි කර පෙර පැවැති ලෙස මෙම පොල සදහා ප්‍රාෙද්ශී්‍ය සභාව යටතේම පවත්වාගෙන යමින් බදු අය කිරිම ප්‍රාදේශිය සභාව මඟින් සිදුකර එම සමස්ථ බදු මුදල සෘජුවම රජයේ පාර්ශවය වෙනුවෙන් ප්‍රාදේශීය සභාවට අයවන ලෙස කටයුතු කරන ලෙසයි.
වෙළෙදුන් පවසන්නේ මෙලෙස අසාධාරණ බදු මුදල අයකරන්නේ නම් ඉදිරියේදී සතිපොල ව්‍යාපාරිකයින් ලෙස තමන්ට ද දැඩි තීරණයක් ගැනීමට සිදුවන බවයි.
සිස්ටම් චේන්ජ් වී කැකිරාව සති පොලේ උණුසුම් තත්වයක්. බදු මුදල අසාධාරණයි. ආණ්ඩු වෙනස් කළේ තවත් දුක් විඳින්න ද වෙළෙදුන් අසයි…
-
සාම පාගමනේ ගමන් මග…..
Read more >> -
ඉන්දීය යුද නෞකාවක් කොළඹට…..
Read more >> -
2026 රාජ්‍ය වෙසක් උත්සවයේ නිල වැඩසටහන නිකුත් කෙරේ…..
Read more >> -
ශ්‍රී ලංකාවට දැවැන්ත ඖෂධ හිඟයක අවදානමක් – ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය…..
Read more >> -
අප්‍රේල් ගෙවුණු දින 19ට සංචාරකයින් 88,211ක් මෙරටට ඇවිත්……
Read more >> -
නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් අත්අඩංගුවට…..
Read more >> -
එක්සත් රාජධානියේ මහ කොමසාරිස් සහ ඇමති අරුණ කරුණාතිලක අතර සාකච්ඡාවක්…..
Read more >> -
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 8 පනී……
Read more >> -
එජාපයෙන් විශේෂ නිවේදනයක්…..
Read more >> -
මහ බැංකුවේ තවත් වාර්තා දෙකක් ජනපතිට…..
Read more >>

