විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් 28,566දෙනෙකු පරීක්ෂාවට…..

Police man

පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ මෙහෙයුම් යටතේ ගතවු දිනයේ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 686දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදි පුද්ගලයින් 28,566දෙනෙකු පරීක්ෂාවට ලක්කළ බව පොලිසිය පැවසීය.

එම වැටලීමේදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 18දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

එමෙන්ම බීමත් රියදුරන් 60දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරික්ෂාකාරීව රිය පැදවීම සම්බන්ධයෙන් සැකකරුවන් 171දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර රටම එකට ජාතික මෙහෙයුම යටතේ ගතවු දිනයේ සිදුකළ වැටලීම් වලින් පුද්ගලයින් 926දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදි සැකකරුවන් සිව්දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිසිය පැවසීය.