විමල්ගේ සහෝදරයා ජූලි 22 දක්වා රිමාන්ඩ්……

News Iamges.00_00_00_09.Still3158

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්ය.

පසුගිය දිනක ඔහු පානදුර ප්‍රදේශයේ තමන්ට අයත් නිවසක සිටින බවට නිලධාරින්ට ලැබී තිබූ තොරතුරකට අනුව එහි ගිය ද එම අවස්ථාවේදී සරත් වීරවංශ මහතා එහි සිට නැත.

කෙසේ වෙතත් අද (16) ඔහු ගම්පහ සිටින බවට ලද තොරතුරකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් එහි ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ඉන් අනතුරුව සරත් වීරවංශ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරට විමර්ශන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදු කරනු ලබයි.