විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය, අසාමාන්‍ය ලෙස නිදහස් කිරීමට කටයුතු යොදා ඇති බවට පළවන පුවත ගැන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් යොමුකරමින් එම මණ්ඩලය අද (17) මේ බව පැවසිය.
ඒ අනුව බලගොල්ල ජල පවිත්‍රාගාරය මගින් කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි බලගොල්ල, දිගන, අලුක්වත්ත, වරාපිටිය, ගම්උදාව, කුණ්ඩසාලේ, දම්බරාව, විජේසිරිගම, BOI,IDB ආදී ප්‍රදේශ ආවරණය කරමින් ජල සම්බන්ධන 16,977ක් සඳහා නල ජල සැපයුම් ලබාදී ඇති බව අදාළ නිවේදනයේ දැක්වේ.
ජලාශවල ජලය අධික ලෙස විදුලිය උත්පාදනයට යොදවා ගැනීම හේතුවෙන් මහනුවර, කුණ්ඩසාලේ හා දිගන ප්‍රදේශ කිහිපයකට පානීය ජලය සපයන බලගොල්ල පොම්පාගාරය අකර්මන්‍ය වන තත්ත්වයක් උද්ගතව ඇති බව අදාළ වාර්තාවන්හි දැක්විණි.
ඒ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත්කළ නිවේදනය,
බලගොල්ල ජල පවිත්‍රාගාරය මගින් කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පිහිටි බලගොල්ල, දිගන, අලුක්වත්ත, වරාපිටිය, ගම්උදාව, කුණ්ඩසාලේ, දම්බරාව, විජේසිරිගම, BOI,IDB ආදී ප්‍රදේශ ආවරණය කරමින් ජල සම්බන්ධන 16,977ක් සඳහා නල ජල සැපයුම් ලබා දී ඇත.
මෙම ජල සම්පාදන ක්‍රමයේ තුළුමුව (Intake) වික්ටෝරියා ජලාශය තුළ වූ පොන්ටුන් මත සවිකල පොම්ප යොදාගෙන ක්‍රියාත්මක කරනු ලබයි.
කෙසේ නමුත් පසුගිය දිනවල පැවැති දැඩි නියඟ තත්ත්වයන් යටතේ වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහළ ගිය අතර, ‘දිට්වා’ කුණාටුවට පසුව මෙම පොන්දූන් ක්‍රියාත්මක ප්‍රදේශ තුල දැඩි ලෙස මඩ තැන්පත් වීම හා එයට ඉහළින් තැන්පත් වූ මඩ ගලාඒමත් නිසා වරින්වර පොම්ප ක්‍රියාකිරීම හා පිරිපහදු ක්‍රියාවලිය දින 10ක පමණ (06.04.2026 සිට 15.04.2026) කාලයක් දැඩි ලෙස අඩපණ වීම සිදුවිය.
ඒ සඳහා අප මණ්ඩල මඟින් තාවකාලික වේල්ලක් ඉදිකර ගැටලුව නිරාකරණය කිරීමට කටයුතු කල අතර මේ වන විට ජල පිරිපහදු ක්‍රමය යථා තත්ත්වයට පත්කර අදාළ සේවා ප්‍රදේශවලින් බොහොමයක් ආවරණය වන ලෙස ජලය සැපයුම් යථාවත් කිරීමට කටයුතු කොට ඇති අතර අවශ්‍යතාව මත බවුසර් මගින් ද ජලය සැපයෙනු ඇත.
තවද ඉදිරියේදී මෙවැනි තත්වයකට මුහුණදීම සඳහා අමතර සහයක් වනු පිණිස වික්ටෝරියා ජලාශය තුල වන හාරගම ප්‍රදේශයේ පිහිටි ජල තටාකය යොදා ගෙන (225mm HDPE), 2km පමණ නල මාර්ගයන් මගින් අමු ජලය ජල පවිත්‍රාගාරය වෙත යොමු කිරීමට අවැසි කටයුතු මේ වනවිට ක්‍රියා වෙමින් පවති.
මෙම කටයුතු තව දින 2-3 ක කාලයක් තුල අවසන් කිරීමට අපේක්ෂිතය.
මේ වනවිට බලගොල්ල ජල පවිත්‍රාගාරය අමු ජල පොම්ප ක්‍රියා කරවීමේ ගැටලුව විසදා ජලය බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර ඇත.

