මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් සංචාරක ව්‍යාපාරය මගින් සිදුකෙරේ.
මේ වන විට ලක්ෂ විසි තුනක් ඉක්මවමින් සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණි බවට තොරතුරු වාර්තාවේ
කෙසේ නමුත් මෙරට සංචාරය සඳහා පැමිණෙන සංචාරකයන් විවිධ අවස්ථාවල විවිධ ප්‍රදේශවලදී රිය අනතුරු හේතුවෙන් බරපතල ලෙස තුවාල ලැබීම, ජීවිත අහිමි වාර්තා වී තිබේ.
එයට ප්‍රධාන හේතු වී ඇත්තේ මත්පැන් පානය කොට රිය ධාවනය කිරීම, අපරීක්ෂාකාරී රිය ධාවනය, ආදී හේතු රැසක් මුල් වී තිබේ.
ඒ අනුව මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් වන සංචාරකයාගේ ආරක්ෂාව තහවුරු කොට ඔවුන් මෙරටට පැමිණි ආකාරයටම නැවතත් ඔවුන්ගේ රටට යන තෙක් .රැක බලා ගැනිම යුතුකමක් සහ වගකීමක් ලෙස පෙරදැරිව ඒ සඳහා විශේෂ රථවාහන පරීක්ෂාවක් වැලිගම පොලිස් වසම කේන්ද්‍ර කර ගනිමින් ස්ථාන පහකදී (5 ) අද 20 දින සිදු කරන ලදී.
එහිදි රිය බලපත්‍ර නොමැතිව රිය ධාවනය කිරීම, අපරීක්ෂාකාරී ලෙස ධාවනය කිරීම, රක්ෂණ සහතික සහ අනෙකුත් සහතික සන්තකයේ නොමැති වීම ආදී හේතු මත යතුරුපැදී රැසක් හඳුනාගෙන තිබේ.
එම යතුරුපැදි පොලිස් භාරයට ගෙන ඇති අතර එම හිමිකරුවන්ට එරෙහිව සහ සංචාරකයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වැලිගම පොලිසිය පවසයි.
මෙහිදී ඇතැම් සංචාරකයන්ට රිය ධාවනයේදී ආරක්ෂාව සම්බන්ධයෙන් උපදෙස් ලබාදි මුදා හැරීමටත් කටයුතු කළහ.
මෙවැනි රථවාහන පරීක්ෂා කිරීම් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බවද පොලිසිය පවසයි
මෙම විශේෂ මෙහෙයුම දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ නියෝග හා මාතර මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ඊ , ඩි. වසන්ත ජයමිණි කුමාර මහතාගේ උපදෙස් මත වැලිගම මූලස්ථාන පොලිසියේ ස්ථානාපති සනත් කුමාර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් මෙම මෙහෙයුම සිදු කරන ලදී.
රිය පදවන සංචාරකයාගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කරන ලද විශේෂ රථවාහන පරීක්ෂාවකදි විවිධ වැරදි සම්බන්ධයෙන් යතුරුපැදි රැසක් අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලිසිය පවසයි…..
-
ස්ථාන දෙකකදී මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි…..
Read more >> -
රුපියල් 2,000ක ඔට්ටුව මරණයෙන් කෙළවර වෙයි…..
Read more >> -
RMV ලොක්කාට ඇප….
Read more >> -
හිටපු අමාත්‍ය පියසේන ගමගේට ඇප….
Read more >> -
එකම පවුලේ පිරිසක් ගමන්ගත් ත්‍රීරෝද රථයක් අඩි 50ක ප්‍රපාතයකට පෙරළෙයි….
Read more >> -
එප්පාවල දී හමුවූ ජීව අත් බෝම්බය නුරාධපුර විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් පැමිණ නිෂ්ක්‍රීය කරයි…
Read more >> -
පසුගිය දින 7 තුළදී දියේ ගිලී සිදු වූ ජීවිත හානි ගණන 26ක්…
Read more >> -
මහරගම දෙමහල් නිවසේ ඇති වූ ගින්නට හේතුව කුළිය සම්බන්ධයෙන් ඇති වු ආරවුලක්…
Read more >> -
වයෝවෘද්ධ පුද්ගලයෙකු තල්ලුකර මුදල් කොල්ලකෑ මත්ලෝලියා කොටුවෙයි….
Read more >> -
‘පොඩි පැටී’ ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු කොස්ගොඩදී අත්අඩංගුවට…..
Read more >>

