යටියන්තොට ට්‍රැෆික් OICගේ අස්ථානගතවූ ගිනිඅවිය යටියන්තොට පාලම අසලින් සොයා ගැනේ…….

News Iamges.00_00_00_00.Still3029

යටියන්තොට පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ අස්ථානගතවූ ගිනිඅවිය යටියන්තොට පාලම අසල සිදුකළ පරීක්ෂාවකදී සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

පොලිස් නාවික කිමිදුම් කොට්ඨාසය විසින් සිදුකළ පරීක්ෂාවකදී ඒ අනුව මෙම ගිනිඅවිය සොයා ගැනීමට හැකිව ඇත.

පසුගිය ජූනි 27 වැනි දින සිය රාජකාරි ගිනිඅවිය අස්ථානගතවීම සම්බන්ධයෙන් රථවාහන ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනුණු අතර එහිදී සැකකරු රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.