දඹුල්ල රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් සම්බන්ධයෙන් වූ ඉදිරි පියවර ගැනීම සඳහා එම ඥාතීන් සොයා පොලිසිය විමර්ශණයක් ආරම්භ කර තිබේ.
ඉකුත් පෙබරවාරි මස 02 වන දින ටී.උක්කු නමින් දඹුල්ල රෝහලට ඇතුළත්ව ඇඳ ඉහපත් අංක 6555/26 යටතේ වාට්ටු අංක 07 හි ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 72ක් පමණ වන පුද්ගලයකු ඉකුත් පෙබරවාරි මස 22 වන දින මිය ගොස් ඇති බව දඹුල්ල පොලිසිය පවසයි.
අදාළ පුද්ගලයා මිය ගොස් දැනට සති දෙකක් පමණ ගතවී ඇතත් මිය ගිය පුද්ගලයාගේ සිරුර භාර ගැනීම සඳහා ඊයේ(12) සවස වනවිටත් එම පවුලේ ඥාතීන් කිසිවෙකුත් නොපැමිණීම හේතුවෙන් එම සිරුර ඥාතීන්ට භාර දීම ඇතුළු ඉදිරි නීතිමය කටයුතුවලට බාධාවක්ව ඇතැයි ද පොලිසිය කියයි.
දැනට සති දෙකක පමණ කාලයක පටන් එම මළ සිරුර දඹුල්ල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර එමඟින් පශ්චාත් මරණණ පරීක්ෂණ ආදී කටයුතු සදහා රෝහල් මෘත ශරීරාගාරය වෙත රැගෙන එන මෘත ශරීර තැන්පත් කිරීම ඇතුළු කටයුතුවලට ද ඇතැම්විට බාධාවක් විය හැකි බව ද පොලිසිය පෙන්වා දෙයි.
මිය ගිය පුද්ගලයාගේ රූප විස්තර මෙසේය. උස සෙ.මී. 174 යි, හිසකෙස් සෙ.මී. 04ක් වන අතර සුදු හා කලු මිශ්‍රව ඇත. උඩුකය නිරාවරණය වී ඇත. යටිකයට ඉරි සහිත සරමක් ඇද ඇත. සාමාන්‍ය සිරුරකි. පපුව ප්‍රදේශය අම්මා බුදු වේවා යනුවෙන්ද දකුණු අතේ උරහිසේ කාන්තා රුවක් හා 1985 යනුවෙන්ද දකුණු අතමැණික් කටුවේ සත්වයෙකුගේ රූපයක් ද වම් අතේ උරහිසේ 1985 යනුවෙන්ද කලුපාට තීන්තෙන් පච්ච කොටා ඇත. වයස අවුරදු 72ක් පමණ වේ.
ඒ අනුව මෙම පුද්ගලයාගේ පවුලේ ඥාතීන් සිටීනම් දඹුල්ල රෝහලට හෝ දඹුල්ල පොලිස් ස්ථානයට හෝ දඹුල්ල රෝහල් පොලිසියට පැමිණ එම මළ සිරුර භාර ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස හෝ මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් පිළිබඳව දන්නා කෙනෙකු වෙතොත් දුරකතන අංක 066-2284722 ඔස්සේ දැනුම් දෙන ලෙස ද දඹුල්ල පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මිය ගිය පුද්ගලයාගේ සිරුර භාර ගැනීමට සති දෙකක් ගත වූවත් ඥාතීන් පැමිණ නැහැ.
-
ලක්ෂ ගණනක ස්මාර්ට් ෆෝන් සොරාගත් පිරිවෙන් සිසුන් දෙදෙනෙකු මාට්ටු…..
Read more >> -
රු. කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුතු කොකේන් සමඟ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට…..
Read more >> -
පොලිස් සැරයන්වරයෙකුට දිවි අහිමි කළ මාරක අනතුර……
Read more >> -
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ….
Read more >> -
අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට…..
Read more >> -
WPC ගේ උකුළේ වාඩි වූ PC ගේ වැඩ තහනම්…..
Read more >> -
නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්……
Read more >> -
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බස් රථ වැටලීම් දැඩි වෙයි…..
Read more >> -
ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්……
Read more >> -
හිටපු පොලිස්පති CDගේ සියදිවි නසාගැනීම ගැන තොරතුරු රැසක්……
Read more >>

