බලපිටිය මහාධිකරණයෙන් විත්තිකරුවන් දෙදෙනෙකුට මරණීය දණ්ඩනය……

News Iamges.00_00_00_09.Still3156

ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ 2011 වසරේදී හැලඹගේ සඳුන් සම්පත් යන අය කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වැරදිකරුවන් වූ දෙදෙනකුට බලපිටිය මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබේ.

වසර 15ක් පමණ දීර්ඝ කාලයක් පැවති මෙම නඩු විභාගයේ තීන්දුව විනිසුරු රුචිර වැලිවත්ත මහතා ප්‍රකාශයට පත් කළේය.

මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ, පළමු වන විත්තිකරුවූ වහුම්පුරගේ තිලක් පුෂ්ප කුමාර හා දෙවෙනි විත්තිකරු වූ වීරතුංග චමින්ද යන දෙදෙනාටය.

මොවුන්ට එරෙහිව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනාවව යටතේ දන්ඩ  නීති සංග්‍රහයේ 296 වෙනි වගන්තිය අනුව මෙලෙස මරණීය දණ්ඩනය නිම කෙරුණි.