දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ඌව පරණගම මස්පන්න කුඩා නගරය ආසන්නයේ දී පස් කන්දකට යට වු ත්රීරෝද රථයක් දින 171ට පසු සොයා ගෙන තිබේ.
මස්පන්න නගරයේ බස් නැවතුම ආසන්නයේ සිදු වු නායයෑමක් හේතුවෙන් ඒ ආසන්නයේ නවතා තිබු බස් රථ කිහිපයක්, යතුරුපැදි කිහිපයක්, ත්රීරෝද රථ කිහිපයක් හා වෙළෙඳසැල් කිහිපයක් ද පස් හා ගල්වලින් යටවිය.
එම ස්ථානයේ පැවති අවදානම හේතුවෙන් පස් හා ගල් ඉවත් කිරීම මන්දගාමීව සිදු වූ අතර මේ දිනවලදී එම කටයුතු සිදු කරමින් පවතී.
මෙලෙස පස් සහ ගල් ඉවත් කරන අවස්ථාවේ මෙම ත්රීරෝද රථය හමුව ඇති අතර එය වලපනේ ඩිපෝවේ සේවය කරන කොන්දොස්තර මහතෙකුගේ බව ද පැවසේ.
ඔහු එදින රාත්රියේ මෙම බස් නැවතුම්පොළ අසල තම ත්රීරෝද රථය නවතා ගිය අවස්තාවේ මෙම අවාසනාවත්ත ඉරණමට මුහුණ දී ඇත.

