දිට්වා නිසා විපතට පත් බදුල්ලේ පවුල් 23කට නිවාස ආධාර චෙක්පත් පිරිනැමේ…..

News Iamges.00_00_00_21.Still2338

දිට්ටා” සුළි කුණාටුවෙන් බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආපදාවට ලක්ව පූර්ණ හානියට පත්වූ නිවසක් සඳහා රුපියල් ලක්ෂ 50 බැගින්ද, අර්ධ හානියට ලක්වූ නිවසක් සඳහා ඇස්තමේන්තු කිරීමකින් තොරව ලබා දෙන අවම වන්දි මුදල වන රුපියල් ලක්ෂ 5 බැගින්ද ලබාදීමට නියමිතව ඇති අතර එහි මූලික අදියරෙහි චෙක්පත් ප්‍රදානය කිරීම අද (27) සිදුකර තිබේ.

මේ අතර, “දිට්ටා” සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 23කට නිවාස ඉදිකිරීම සඳහා රජය මඟින් ලබාදෙන ආධාර මුදල් චෙක්පත් ප්‍රදානය කිරීම ද පසුගියදා ඌව පළාත් සභාවේදී සිදුකර තිබුණි.