ඩෙංගු රෝගීන් 59,000 ඉක්මවයි…..

News Iamges.00_00_00_16.Still3035

වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 59,000 ඉක්මවා තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ඒ අනුව වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 59,638ක් බවය.

මින් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය ජූනි මාසයේ වන අතර එම රෝගීන් සංඛ්‍යාව 21,546කි.

මේ අතර ජූලි මාසයේ ගතවූ දින 4 තුළ ඩෙංගු රෝගීන් 4,251ක් ද වාර්තා වී තිබේ.

වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර ඒ අනුව රෝගීන් 31,249ක් එම පළාතෙන් වාර්තා වී තිබේ.

මීට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 9,507ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 5,172ක්ද වාර්තා වී ඇත.