ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධ තොරතුරු හා පැමිණිලි කඩිනමින් යොමු කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ.
ඒ අනුව ඩෙංගු රෝගය සහ එහි පාලනය සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී ඇති අතර, එම අංකය 011 – 7966366 වේ.
ඩෙංගු රෝග ව්‍යාප්තියට අදාළ තොරතුරු, පැමිණිලි සහ අවශ්‍ය දැනුවත් කිරීම් සඳහා මෙම දුරකතන අංකය භාවිත කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා මහජන සහභාගීත්වය ඉතා වැදගත් බවත්, මෙම සේවාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය ආයතන හරහා පුළුල් ප්‍රචාරයක් ලබාදෙන ලෙසත් අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

