ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්……

News Iamges.00_00_00_09.Still3127

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 80ක සියයට 48ක ජල ධාරිතාවක් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු H.M.P.S.D හේරත් මහතා පවසයි.

ඒ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ද ඔහු ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් යල කන්නයේ වගා කටයුතු මේ වනවිට අවසන් කර ඇති බැවින් පවතින ජල පරිමාව ඒ සඳහා ප්‍රයෝජනවත් වනු ඇති බව ද ඉංජිනේරුවරයා සඳහන් කළේය.

මේ අතර ජලාශ හරහා පානීය ජල පහසුකම් ලබාගන්නා පිරිස සඳහා ද ප්‍රමාණවත් පරිදි පවතින බව ද H.M.P.S.D හේරත් මහතා අවධාරණය කළේය.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල වැසි අපේක්ෂාව කරන බැවින් පානීය ජල හිඟයක් ඇති නොවනු ඇති බව ද වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු H.M.P.S.D හේරත් මහතා වැඩිදුරටත් කියාසිටියේය.