ගම්මන්පිල පාර්ලිමේන්තුවට එයි…..

News Iamges.00_00_00_00.Still2434

බහාලුම් 323ක් ආන්දෝලනාත්මකව රේගුවෙන් පිට කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (05) පාර්ලිමේන්තුවට පැමිණියේය.

ඒ, මෙම සිද්ධියනේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පත් කර ඇති කමිටුව හමුවේ ප්‍රකාශ ලබාදීම සඳහාය.

හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම කමිටුව හමුවේ තමන් ප්‍රකාශ ලබා දුන් බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි වගකීමක් ඇති ජනාධිපතිවරයාගෙන් සහ වරාය කටයුතු අමාත්‍යවරයාගෙන් හා නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමට කමිටුව තීරණය කර නොමැති බව උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා නොගැනීම හේතුවෙන් ඔවුන්ට අසාධාරණයක් වන බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.