කොස්ගොඩ දූවේමෝදර පොල් වත්ත පොදු සුසාන භූමියක පසුගිය7 වන දින වළ දැමූ පුද්ගලයකුගේ මළ සිරුර ඊයේ (8) සවස බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ලුෂාන් වඩු තන්ත්‍රී මහතා ඉදිරියේ ගොඩගත්තේය.
වළ දැමූ පුද්ගලයාගේ මාමණ්ඩිය විසින් පොල්ලකින් පහර දීම නිසා ඔහු බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් සිටියදී රෝහලෙන් දේහය ගෙනවිත් ඔහුගේ පවුලේ අය පොලීසිය ඇතුලු අදාළ නිලධාරීන් දැනුම්වත් නොකට අවසන් සිදුකොට ඇති බවට කොස්කොඩ පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මේ දේහය 08 දින ගොඩ ගත්තේය.
මෙසේ ගොඩ ගනු ලැබූවේ කොස්ගොඩ දූවේමෝදර, ඒ 68,පන්සල ඉදිරිපිට පොල්වත්ත පාර ලිපිනයේ පදිංචි එදිරිමාන්නරාල්ලාගේ චින්තක එදිරිමාන්න (49)නමැති දෙදරු පියෙකි.
පවුලේ ආරවුලක් සම්බන්ධයෙන් මිය ගිය බෑණා සහ මාමණ්ඩිය අතර රණ්ඩුවක් ඇතිවී බවත් ඔවුන් දෙදෙනාම පොලු මුගුරුවලින් පහරදී ගෙන ඇති බවත් පොලීසිය කියයි.
මේ දෙදෙනා අතර ඇතිවූ පොලු මුගුරු පහරදීමෙන් මාමණ්ඩිය එල්ල කළ පොලු පහරකින් බෑණා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බෑණා මිය ගිය බවත් පොලීසිය කියයි.
රොහලේදී මිය ගිය මේ බෑණා ඔහුගේ භාර්යාව ඇතුලු පවුලේ අය පොලිස් නිලධාරීන් දැනුවත් නොකොට ඔහුගේ දේහය රෝහලෙන් ගෙනවිත් වළදමා ඇති බවද පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් මිය ගිය අයගේ ඥාතියෙකු කරන ලද පැමිණිල්ලකට අනුව බලපිටිය අධිකරණය දැනුම්වත් කොට අධිකරණයේ නියෝගය මත මේ පුද්ගලයාගේ දේහය 08 දින සවස ගොඩගත් බවත් පොලීසිය කියයි.
මේ දේහය ගොඩගැනීමේ අවස්ථාව සඳහා පැමිණි බලපිටිය වැඩබලන මහේස්තාත් ලුෂාන් වඩු තන්ත්‍රී මහතා මිය ගිය පුද්ගලයාගේ දේහය බලපිටිය මූලික රෝහලට ගෙන ගොස් අධිකරණ විශේෂඥ අධිකරණ වෛදයවරයකු ලවා විධිමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් එහි වාර්ථාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කළේය.
බලපිටිය මූලික රෝහලේ අධිකරණ විශේෂඥ වෛදය නිලධාරී සී.ටී.මහනාම මහතා දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා දේහය වළ දමා තිබූ ස්ථානයට පැමිණ සිටියේය.
පොලු මුගුරු වලින් පහර දුන්නේ යයි කියන මාමණ්ඩිය කොස්ගොඩ දූවේමෝදරදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය ,අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී බුද්ධික කෝදාගොඩ,කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පියතුංග,යන මහත්වරුන් ඇතුලු නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.
කොස්ගොඩ පොලිස් වසමේ දුවේ මෝදර පොල් වත්ත ප්‍රදේශයේ සොහොනක වළදැමූ මිනියක් පසුවදා ගොඩගනී….
-
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා-පැසිෆික් කලාපීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක…
Read more >> -
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකාර සෝබර්ස්ට SLC ශෝකය පළකරයි…..
Read more >> -
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ….
Read more >> -
වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්……
Read more >> -
තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්……
Read more >> -
අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට…..
Read more >> -
යෝෂිතගේ නඩුවක් විභාගයට ගනී…..
Read more >> -
නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්……
Read more >> -
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බස් රථ වැටලීම් දැඩි වෙයි…..
Read more >> -
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට නව මුහුණක්…..
Read more >>

