යතුරුපැදි චැසි හා එන්ජින් 42ක් හා ජපානයේ නිෂ්පාදිත මිලෙන් ඉහළ මත්පැන් බෝතල් 190ක් අඩංගු කන්ටේනරයක් සමග පුද්ගලයෙක් කුලියාපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජනක කරුණාසිංහ මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
ජපානයේ සිට යතුරුපැදි අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් මේවා මෙරටට රැගෙනවිත් ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
මෙම මෙහෙයුම සඳහා විශේෂ කාර්ය බළකායේ සහාය මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරින්ගේ සහාය ද ලැබී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

