අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2026 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අදාළ පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට එළැඹෙන ජූලි මස 28 වැනි දින දක්වා මාර්ගගතව සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk හෝ onlineexams.gov.lk.eic සබැඳිය වෙත පිවිස මේ සඳහා මාර්ගගතව අයදුම්පත් යොමු කළ යුතු බවත් අදාළ නිවේදනයේ සඳහන්ව තිබේ.
එමෙන්ම මේ සම්බන්ධව කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 0112784208 / 0112784537 හෝ 0112785922 යන දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

