ආණ්ඩුව සෑම පාර්ශ්වයක්ම රැවටීමට ලක්කරලා – දිලිත්ගෙන් දැඩි චෝදනාවක්……

News Iamges.00_00_00_00.Still3023

වත්මන් ආණ්ඩුව ව්‍යවසායකයන් ඇතුළු ඔවුන් බලයට පත්කළ සෑම පාර්ශ්වයක්ම රැවටීමට ලක්කර ඇතැයි සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

‘දිරිය මිනිසුන් ගොඩනගමු ව්‍යවසාකයන්ට අත්වැලක් වෙමු’ මැයෙන් අද (05) කෝට්ටේ පැවති ව්‍යවසායක හා ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,

“මේ ආපු ආණ්ඩුවට කතිරේ ගහපු අයට මේ ආණ්ඩුව ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඔවුන් දේශපාලන වේදිකාවේ කතා කළා වසර 76ක් තිස්සේ සිදු නොවූ මහ විශාල දෙයක් වෙන්න යනවා කියලා.

අර ඛනිජ වැලි කොහොමද පාවිච්චි කරන්නේ, කෙසෙල් ගෙඩියේ නැට්ට කොහොමද හයි කරන්නේ වගේ උදාහරණ අරගෙන කිව්වා, ‘මෙන්න මෙහෙම තමයි අපේ රටේ මිනිස්සුන්ට අපි පණ දෙන්නේ’ කියලා. හැබැයි කෙසෙල් ඇද්දට පණ ආවේ නැහැනේ. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ කතා කළේ දුප්පත් මිනිස්සු ගැන. ‘නැගිටපල්ලා, නැගිටපල්ලා, ඔබේ වාරය ඇවිල්ලා’ කිව්වා. ඉතින් මිනිස්සු ඒක විශ්වාස කළා. හැබැයි, අද මේ රටේ ව්‍යවසායකයාට වෙලා තියෙන්නේ මොකක්ද? කිසිම හිතක් පපුවක් නැතුව, හොඳට කරගෙන යන ව්‍යාපාර අයින් කරන්න ප්‍රාදේශීය සභා මඟින් කොච්චර කටයුතු කරලා තියෙනවද? ඒක තමයි කුහකකම.

හොඳ මිනිහෙක් දැක්කම, එහෙම නැත්නම් මිනිහෙක් හොඳින් ඉන්නවා දැක්කම, මෙන්න මතුවෙනවා ඇඟෙන්ම එන කුහකත්වය. මම අමෙරිකානු තානාපති කාර්යාලයේ පැවැත්වුණු අමෙරිකානු දින උත්සවයට ගියා. එහිදී මට හමුවුණු ඒ සුදු නිලධාරීන් එක්ක කතා කරනකොට, මටම අපේ රට ගැන ලොකු ලැජ්ජාවක් ඇතිවුණා. පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාවක් හදලා, ලෝකයේ හොඳම විමර්ශනයට හිමි සම්මානය පවා ලබාගත්තේ ඒ රටේ විමර්ශකයෙක්. ඔවුන් ඒ වාර්තාව හැදුවේ නිකන් නෙමෙයි. එම ප්‍රහාරයෙන් අමෙරිකානු ජාතිකයින් පස් දෙනෙක් මැරුණා. ඔවුන්ගේ මරණ පිළිබඳවයි ඒ පරීක්ෂණය පැවැත්තුවේ.

ඔවුන්ගේ හොඳම විමර්ශක කණ්ඩායම එවලා වාර්තාවක් හදලා, අද ඒ රටේ නඩුවක් පවා දාලා තියෙනවා. එතකොට අපේ මේ ‘කෙසෙල් කොටන් දේශපාලනය’ ප්‍රකාශයක් හැටියට කියනවා ඒක හරියන්නේ නැහැ කියලා. මේක වෙන විදිහකට අර්ථකථනය කරලා, අර ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨ රණවිරුවකුගේ ගුදයේ  මහ මොළකරු හොයනවා.”