අරන්තලාව භික්ෂු ඝාතනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් : දිවි බේරා ගත් හිමිනම කෝටි 02ක වන්දියක් ඉල්ලයි

අරන්තලාව ප්‍රදේශයේ සිදුවූ භික්ෂුන් වහන්සේලා 33 නමක් ඝාතනය කරමින් එල්.ටි.ටි.ඊ. සංවිධානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.
ඒ එම ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් පුජ්‍ය ආඳාඋල්පත බුද්ධසාර හිමියන් විසින්.
මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරමින් උන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ අරන්තලාවේ සිදුවූ භික්ෂු ඝාතන සිද්ධියට සම්බන්ධව දැනට ජිවතුන් අතර සිටින එල්.ටි.ටි.ඊ. සංවිධානයේ සිටි සාමාජිකයින්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි.
එල්ලවූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ තමන් වහන්සේට රුපියල් කෝටි දෙකක වන්දියක් ලබා දෙන ලෙස නියෝග කරන ලෙසටද උන්වහන්සේ සිය මුලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.