අයහපත් කාළගුණයෙන් හානියට පත් වූ කුඹුරුවල හානි තක්සේරු කටයුතු වහාම අරඹනවා – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

අයහපත් කාළගුණයෙන් හානියට පත් වූ කුඹුරුවල හානි තක්සේරු කිරීමේ කටයුතු වහාම ආරම්භ කරන ලෙසට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට මේ වනවිටත් උපදෙස් ලබාදී ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.

පසුගිය මාස කිහිපය පුරා පැවති අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් මෙවර මහ කන්නයේ වී වගා කර තිබූ කුඹුරු අක්කර 61,000ක් පමණ හානියට පත්වී තිබෙන බවයි සඳහන් වන්නේ.