අධිවේගයේ පින්නදූවෙන් පිටවෙන්න ගිය බස්රථය කණුවක ගැටි 10ක් රෝහලේ…..

News Iamges.00_00_00_00.Still2702

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම අසලදී අද (08) සවස සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් දස දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක්, පින්නදුව පිවිසුමේ ආරක්ෂිත ගේට්ටුවක් ද කඩාගෙන ගොස් අසල තිබූ කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

පොලීසිය සහ අධිවේගී මාර්ගයේ සේවක පිරිස එක්ව තුවාල ලැබූවන් කඩිනමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පින්නදුව අධිවේගී මාර්ග පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.