SL vs AUS 1st Test: ඔස්ට්‍රේලියාව ලකුණු 654 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවයි

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 654 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

පන්දුවට පහරදීමේදෟ ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Usman Khawaja ලකුණු 232 ක්, නායක Steven Smith ලකුණු 141 ක් හා Josh Inglis ලකුණු 102 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය හා ජෙෆ්රි වෙන්ඩසේ කඩුලු 3 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම​ට ඕස්ට්‍රේලියාව පරදවා තියුණු ජයක්

වයස අවුරුදු 19 පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් ලකුණු 12 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 99 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 87 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමුදි ප්‍රබෝධා, ප්‍රමුදි මෙත්සරා, අසේනි කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වූ අතර ලිමන්සා තිලකරන්න එක් කඩුල්ලක්, උඩ පන්දුවක්, දුවද්දී දැවී යාමක් හා ලකුණු 6 ක් ලබා ගනිමින් තරගයේ වීරයා බවට පත්වුණා.

කෙසේ නමුත් සුපිරි හය වටයේ පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවී තිබෙනවා.

SL vs NZ 3rd ODI : ශ්‍රී ලංකාවට ලකුණු 140 ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තෙවන හා අවසාන එක්දින තරගය ලකුණු 140 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 290 ක් ලබා ගැනීමට ඔවුන් සමත් වුනා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 66 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 54 ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 46 ක් හා ජනිත් ලියනගේ ලකුණු 53 ක් ලබාගත්තා.

නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී Matt Henry කඩුලු 4 ක් දවා ගත් අතර, Mitchell Santner කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 30 ක් ඇතුළත සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 150 ක් පමණයි.

එහිදී නවසීලන්තය වෙනුවෙන් Mark Chapman ලකුණු 81 ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ හා එෂාන් මාලිංග කඩුලු 03 බැගින් දවා ගනු ලැබුවා.

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.

ඔස්ට්‍රේලියාව ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

ඉන්දියාව පරදා තරග 5 කින් යුත් බෝඩර් – ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3-1 ක් ලෙස ජය ගනිමින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (05) සමත් වුණා.

ඒ, සිඩ්නි හීදී පැවැති ඉන්දු-ඔස්ට්‍රේලියා අවසන් ටෙස්ට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමත් සමඟයි.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීම පිළිබඳ බලාපොරොත්තු අත්හැරීමට ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට සිදු වුණා.

ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජූනි 11 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

SL vs NZ 1st ODI : නවසීලන්තයට කඩුලු 9 ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය කඩුලු 9 කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 42 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 178 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 56 ක්, ජනිත් ලියනගේ ලකුණු 36 ක් හා වනිඳු හසරංග ලකුණු 35 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායායම වෙනුවෙන් Matt Henry කඩලු 4 ක් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම 26 වන පන්දුවාරයේදී එක් කඩුල්ලක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Will Young නොදැවී ලකුණු 90 ක් ලබා ගැනීමට සමත් වුණා.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය අතර සාකච්ඡාවක් අද (03) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

2025/01/03

මාධ්‍ය නිවේදනයයි.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය අතර සාකච්ඡාවක් අද (03) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අරුණ බණ්ඩාර ඇතුලු ක්‍රීඩා අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරී පිරිසක් සහභාගී වූ අතර පාපැදි සම්මේලනයට අනුබද්ධ ආරාධිත සංගම්/සමාජ 66 ට අයත් නිළධාරීන් ද මෙම අවස්ථාවට සම්බන්ධ විය.

පාපැදි සම්මේලනය තුළ පවතින ගැටලු සහ පාපැදි ක්‍රීඩාව තුළ පවතින ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර එම ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමට තරුණ කටයුතු සහ ක්‍රිඩා අමත්‍යවරයා, අමාත්‍යාංශ මට්ටමින් මැදිහත් වන බව ද අවධාරණය කළේය. එමෙන්ම පා පැදි සම්මේලනයේ සාමාජිකයින් අතර ඇති ගැටලු පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණිය යුතු බවත්, ඉන්පසු පාපැදි කමිටුව පත් කිරීම, ඉන්පසු සම්මේලනය කැඳවා, නිලවරණයට පැවැත්විය හැකි බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය. වර්තමානයේ ඇතිවී ඇති අර්බුද හේතුවෙන් ක්‍රීඩාව අඩාල වීමට ඉඩ තැබිය නොහැකි බවත් , පසුගිය කාලය ම සම්මේලනවල, සංගම්වල අර්බුද විසඳීමට වැය වූ බවත්, සංගම් තුළ ඇතිව තිබෙන අභ්‍යන්තර බල අරගල වළින් ක්‍රීඩාවට අයහපතක් මිසක් කිසිඳු යහපතක් සිදු නොවන බැවින් සියලු ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාගනිමින් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය ඔබ මාධ්‍ය මගින් ප්‍රචාරය කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ ලබාදෙන සහයෝගය බෙහෙවින් අගය කරමු.

මෙම අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ සමග යොමු කර ඇත.

WhatsApp Image 2025-01-03 at 16.00.41 WhatsApp Image 2025-01-03 at 16.00.04

මාධ්‍ය අංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය.

Pat Cummins හ​ට ශ්‍රී ලංකා සංචාර​ය අවිනිශ්චිත වෙයි

මෙම මස අගදී සිදු කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සදහා තමන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ඔස්ට්‍රේලියානු නායක Pat Cummins පවසනවා.

ඔහු සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ දෙවන දරු උපත වෙනුවෙන් සූදානමින් පසුවන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සංචාරයේදී දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර, පළමු තරගය එළඹෙන 29 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව Pat Cummins මෙම සංචාරය සදහා ක්‍රීඩා නොකළහොත්, Steve Smith හෝ Travis Head ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

2025 වසරේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග කාලසටහන

2025 වසර සඳහා වන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව මේ වසරේ ටෙස්ට් තරග 04 ක්, එක්දින තරග 13 ක් හා විස්සයි 20 තරග 12 ක් (ආසියානු කුසලානය හැර) ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

අගෝස්තු මාසයේදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය (LPL) පැවැත්වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

තරග කාලසටහන පහතින්.

* 2025 ජනවාරි 11 දක්වා – නවසීලන්ත තරග සංචාරය

* 2025 ජනවාරි 29 සිට පෙබරවාරි 13 – ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග 02ක්, එක්දින තරගයක්

* 2025 මාර්තු 14 සිට මැයි 25 – ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය

* 2025 ජූලි – බංග්ලාදේශයට එරෙහිව මෙරට දී ටෙස්ට් තරග 02 ක්, එක්දින තරග 03 ක් හා 20යි 20 තරග 03 ක්

* 2025 අගෝස්තු – ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය

* 2025 සැප්තැම්බර් – සිම්බාබ්වේ පිලට එරෙහිව එරට දී එක්දින තරග 03 ක් හා 20යි 20 තරග 03 ක්

* 2025 ඔක්තෝබර් – T20 ආසියානු කුසලාන තරගාවලිය ඉන්දියාවේදී

* 2025 නොවැම්බර් – අයර්ලන්තයට එරෙහිව මෙරට දී එක්දින තරග 03 ක් හා 20යි 20 තරග 03 ක්

* 2025 නොවැම්බර් / දෙසැම්බර් – පාකිස්තානයට එරෙහිව පාකිස්තානයේ දී එක්දින තරග 03 ක් හා 20යි 20 තරග 03 ක්

SL vs NZ: ශ්‍රී ලංකා එක්දින සංචිතය නිවේදනය කෙරේ

නවසීලන්ත තරග සංචාරයට ඇතුළත් තරග 03 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වනවා.

එම සංචිතයට නවක ක්‍රීඩක ඒෂාන් මාලිංග ඇතුළත් කර ඇති අතර, නුවනිදු ප්‍රනාන්දු ද සංචිතයට නම් කර තිබෙනවා. සධීර සමරවික්‍රමට සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා.

තරග සංචාරයට විස්සයි විස්ස තරග 03 ක් හා එක්දින තරග 03ක් ඇතුළත් වන අතර, එක්දින තරගාවලිය ජනවාරි 5 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

අදාළ සංචිතය පහතින්.

67692a49beb6d

ශ්‍රී ලංකා ක්‍රිකට් හි ඡන්දය හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (20) පැවැත්වූ විශේෂ මහ සභා රැස්වීමේදී (EGM) ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂ සංශෝධනයක් සිදුකිරීමට අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ ඡන්දය හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 147 සිට 60 දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකිරීම සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.