SLvsNZ : ශ්‍රී ලංකා දෙවන ඉනිමේ ලකුණු පුවරුව – 197/4

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවන ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 197 ක් ලබා සිටිනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායමට වඩා ලකුණු 179 ක් ඉදිරියෙන් පසුවනවා.

අද දිනයේ ඇන්ජලෝ මැතිව්ස් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර එම අර්ධ ශතකය සඳහා හතරේ පහර 5 ක් ඇතුළත් වුණා.

ඕෂධ ප්‍රනාන්දු ලකුණු 28 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 17 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 14 ක්, ප්‍රභාත් ජයසූරිය ලකුණු 6 ක් ලබා සිටියදී දැවීගිය අතර මේ වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 82 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 42 ක් ලබාගෙන සිටිනවා.

SLvsNZ : නවසීලන්ත පළමු ඉනිම ලකුණු 373කට සීමා වෙයි

ශ්‍රී ලංකා පළමු ඉනිමට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 373ක් රැස් කරගැනීමට සමත් වුණා. එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටොම් ලේතම් ලකුණු 62ක් සහ ඩැරල් මිචෙල් ලකුණු 102ක් රැස් කරගැනීමට සමත් වූ අතර මැට් හෙන්රි වේගවත් ලකුණු 72ක් රැස් කළා. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුළු 04ක් බිඳ දැමූ අතර, ළහිරු කුමාර කඩුළු 03ක්, කසුන් රාජිත කඩුළු 02ක් සහ ප්‍රභාත් ජයසූරිය 01ක් කඩුල්ලක් බිඳ දැම්මා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 18ක් පිටුපසින් සිටිනවා.

SLvsNZ : දෙවන දිනය අවසානයේ නවසීලන්ත ලකුණු පුවරුව – 162/5

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් ලබා සිටිනවා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව අද දිනය ආරම්භ වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 305 ක් ලබා සිටි අතර ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 355 ක් ලබා ගත්තා.

ඒ අනුව සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ Tom Latham ලකුණු 67 කට දැවීගිය අතර Devon Conway ලකුණු 30 ක් ලබා ගැනීමට සමත් වුණා.

මේ වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටින Daryl Mitchell ලකුණු 40 ක් හා Michael Bracewell ලකුණු 9 ක් ලබා සිටිනවා.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු හා ළහිරු කුමාර කඩුලු 2 බැඟින් හා කසුන් රාජිත එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

SLvsNZ : ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 355 කට සීමාවෙයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 355 ක් ලබා ගැනීමට සමත් වුණා. ඊයේ දිනයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 87 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 50 ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47 ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 39 ක්, ධනංජය ද සිල්වා ලකුණු 46 ක් හා කසුන් රාජිත ලකුණු 22 ක් ලබා ගැනීමට සමත් වුණා. මේ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 50 ක් ලබා සිටිනවා.

ලකුණු පුවරුව පහතින්,

ab0c3da0ab49179464a6f6a2129cc948

6102f6489cf440e28dd4074d4ef3e25c

SLvsNZ : පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 305/6

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 305 ක් ලබා සිටිනවා.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්තය සමත් වූ අතර එහිදී නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට කඩුලු 6 ක් දැවී ලකුණු 305 ක් ලබාගත් අතර වාර්තා කිහිපයක් පිහිටුවීමටද එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ආරම්භක පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්වීමට දිමුත් කරුණාරත්න සමත් වූ අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ සනත් ජයසූරියයි.

එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7,000ක් ලබාගත් තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස් එහිදී සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුනේ කුසල් මෙන්ඩිස් ලකුණු 87 ක්,දිමුත් කරුණාරත්න ලකුණු 50 ක්, ඇන්ජලෝ මැතිච්ස් ලකුණු 47 ක් ලබාගත් අතර නොදැවී පන්දුවට පහර දෙන ධනංජය ද සිල්වා ලකුණු 39 ක් හා කසුන් රාජිත ලකුණු 16 ක් ලබා සිටිනවා.

ලකුණු පුවරුව පහතින්,

035f3e8cda721ce28e1e1ba965e5f4f6

ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ලකුණු 7000 පසු කරයි

නවසීලන්තය හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය අතරතුරදී ඇන්ජලෝ මැතිව්ස් හට ටෙස්ට් ලකුණු 7000 ඉක්මවූ තුන්වන ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වීමට හැකියාව ලැබුණා.

මීට පෙර කුමාර් සංගක්කාර ලකුණු 12400 ක්, මහේල ජයවර්ධන ලකුණු 11814 ක් ලබාගෙන ඇති අතර අද දිනයේ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 7000 සීමාව පසුකර යාමට සමත් වුණා.

 

SLvsNZ : ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 120/1

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්තය සමත් වුණා.

එහිදී නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 3.00 ට ආරම්භවී තිබුණා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 120 ක් ලබා සිටිනවා.

පළමු කඩුල්ල ලෙස ඕෂධ ප්‍රනාන්දු ලකුණු 13 ක් ලබා සිටියදී දැවීගිය අතර මේ වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටින නායක දිමුත් කරුණාරත්න ලකුණු 33 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 73 ක් ලබාගෙන තිබෙනවා.

මේ වන විට ලකුණු පුවරුව පහතින්,

035f3e8cda721ce28e1e1ba965e5f4f6

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (27) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

දෙරට අතර ටෙස්ට් තරග 02 ක්, එක් දින තරග 03 ක් සහ විස්සයි විස්ස තරග 03 ක් පැවැත්වීමට නියමිත අතර අද දිනයේ ටෙස්ට් සංචිතය මෙලෙස දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෙම තරගාවලියේදී දෙරට අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 02 ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන තරග වන අතර, එක්දින තරගාවලිය එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ තරග ලෙස පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

6 වැනි වරටත් කාන්තා T20 ලෝක ශූරතාවය ඔස්ට්‍රේලියාවට

6 වැනි වරටත් කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ මෙවර කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී සත්කාරක දකුණු අප්‍රිකාව පරදා ලකුණු 19 ක ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 6 ක් දැවී ලකුණු 156 ක් ලබා ගත් අතර Beth Mooney නොදැවී ලකුණු 74 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී Shabnim Ismail හා Marizanne Kapp කඩුලු 2 බැගින් බිද හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණයි.

කාන්තා T20 ලෝක කුසලාන අවසන් තරගය අද‍

ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර අවසන් මහා තරගයට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සුදුසුකම් ලබා ඇති අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 06.30ට ආරම්භ වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මේ දක්වා අවස්ථා 06කදී විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඉන් 05කදී ශූරතාව හිමිකර ගැනීමට සමත්වී තිබෙනවා.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.