ශ්‍රී ලංකාවට ලකුණු 391 ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින තරගය අද Thiruvananthapuram හිදී මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 390 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි නොදැවී ලකුණු 166 ක්, Shubman Gill ලකුණු 116 ක් හා Rohit Sharma ලකුණු 42 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත හා ළහිරු කුමාර කඩුලු 2 බැඟින් බිඳ හෙලීමට සමත් වූ අතර චාමික කරුණාරත්න එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 391 ක්. ලකුණු පුවරුව පහතින්,

357e989b7169d53198f4088c0de7d034

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස ශ්‍රී රංගා තේරී පත්වෙයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද (14) දහවල් ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

එහිදී මනාප 27ක් ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ මාධ්‍යවේදියෙකු වූ ශ්‍රී රංගා, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස තේරී පත්වී තිබෙනවා.

අනිත් අපේක්ෂකයා වූ ජගත් රෝහණ ලබාගෙන තිබුණේ මනාප 24ක් පමණයි. ඡන්දයෙන් පත්වූ නව නිලධාරී මණ්ඩලය මාස 05ක කාලයක් සඳහා එම ධූරවල කටයුතු කරනු ඇති අතර මේ වසරේ මැයි 31ට පෙර නැවතත් නිල නිලවරණය පැවැත්වීමට නියමිතයි.

ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව කල්යයි

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා එල්ලවී ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව නැවත කැඳවීම පෙබරවාරි 23 වැනිදා දක්වා කල්දමා තිබෙනවා.

සිඩ්නි හි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී එම නඩුව අද (12) කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

29 හැවිරිදි කන්තාවක් විසින් සිඩ්නි නුවර පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු ඇප මත නිදහස් කෙරුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන කමිටු වාර්තාව ක්‍රීඩා ඇමතිට භාරදෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන සංචාරයට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අදාළව වාර්තා වූ සිදුවීම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ විමර්ශන කමිටුවේ වාර්තාව අද (10) අමාත්‍යවරයා වෙත භාරදී තිබෙනවා.

ඊට අදාළ විමර්ශන සඳහා අමාත්‍යවරයා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතීත්වයෙන් සහ සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කිරිමට කටයුතු කළා.

පන්දුවාර 26 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 141/4

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට Guwahati හි දී පැවැත්වෙනවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 26 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 141 ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදෙමින් සිටින පැතුම් නිස්සංක ලකුණු 57 ක් හා දසුන් ශානක ලකුණු 3 ක් ලබා සිටිනවා.

ඉන්දියානු කණ්ඩායම තරඟාවලිය ජයගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන විස්සයි විස්ස තරඟයේ ජය ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 05ක් පමණක් දැවී ලකුණු 228ක් රැස් කළා. එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සූර්ය කුමාර් යාදව් ලකුණු 112 ද, ශූබ්මාන් ගිල් ලකුණු 46 ක්ද රැස් කළා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මධුසංඛ කඩුළු 02ක් ද, වනිඳු හසරංග, චාමික කරුණාරත්න සහ කසුන් රාජිත කඩුළු එක බැගින් ද බිඳ දැම්මා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 04ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 137 පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 23ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 23ක්ද රැස් කළා. පන්දු යැවීමේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් යුස්වේන්ද්‍ර චහල් සහ නායක හර්දික් පාන්ඩයා සහ උමරන් මලික් කඩුළු 02ක බැගින් බිඳ දැමූ අතර අර්ෂදීප් සිංග් කඩුළු 03ක් බිඳ දැම්මා. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 91ක ජයක් ලැබුණු අතර ඔවුන් තරඟාවලිය 2-1ක් ලෙසද ජයග්‍රහණය කළා.

LPL අවසන් වටයේ තරග අද

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ (playoffs) තරග අද (21) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අවසන් වටයේ පළමු තරගය (Qualifier 1) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වන Kandy Falcons කණ්ඩායම හා දෙවැනි ස්ථානයේ පසු වන Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත අතර අද පස්වරු 3.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී එම තරගය ආරම්භ වනවා.

අවසන් වටයේ දෙවැනි තරගය (Eliminator) අද රාත්‍රී 7.30 ට පැවැත්වීමට නියමිත අතර ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දිනූ Colombo Stars කණ්ඩායම හා සිව්වැනි ස්ථානය හිමි කර ගත් Galle Gladiators කණ්ඩායම අතර එම තරගය පැවැත්වෙනවා.

මෙම තරග නැරඹීම සඳහා ටිකට්පත් මිලදී ගැනීමේදී QR හරහා මුදල් ගෙවීමට පහසුකම් සලසා ඇති අතර, QR කර ටිකට්පත් මිලදී ගැනීමේදී 5% ක විශේෂ වට්ටමක් ලබා දීමටද සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.

මතභේදයන් රැසකින් ඇරඹි අවසානයේ මෙසී කිරුළු පැළඳි ලෝක කුසලානය

මතභේදයන් රැසකින් වැසීගොස් ආරම්භ වූ පාපන්දු තරගාවලියක් අවසානයේ ඇදහිය නොහැකි පාපන්දු තරගයන් රැසක් සමගින් නිමාව දුටුවේ ය.
කම්පනයන් සහ කැළඹීම්වලින් පිරි පළමු වටයේ සිට මෙතෙක් පැවති විශිෂ්ටතම අවසන් මහා තරගය දක්වා පැමිණ, අවසානයේ ලයනල් මෙසී ලෝක කුසලානය ඔසවනු දුටු මෙම තරගාවලිය ලෝක ක්‍රීඩා ඉතිහාසයට එක්වනු ඇත.

 

විමල් වාසු ගම්මංපිල ඇතුළු කණ්ඩායම් 10 න් අලුත් සන්ධානයක්

පසුගියදා ස්වාධීන වීමෙන් පසු දිගටම රජයට සම්බන්ධ නොවන ස්ථාවරයක සිටින විමල් වාසු ගම්මංපිල ඇතුලු පක්ෂ දහයේ එකතුව ඉදිරි මැතිවරණයට වෙනම තරග කරන්නට නියමිත බවට දේශපාලනඅ ාරංචි වාර්තාකර තිබේ.

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ දහය වෙනම පෙරමුණකින් ඉදිරි මැතිවරණයට
තරඟ කිරීමට බලාපොරොත්තු වන බව හෙලි කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව
නානායක්කාරයි.
සිය සන්ධානය තවදුරටත් පුළුල් කරගැනීම සඳහා අනෙකුත් පක්ෂ වල
මන්ත්‍රීවරුන් සමග මේ වන විට සාකච්ඡා ආරම්භ ආරම්භ කර ඇති බව ඔහු කීය.

“අපි ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් ම අගය කරන කණ්ඩායමක්. ඒ නිසා ඒ අරමුණින් වෙනම පෙරමුණකින් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. විධායක බලතල රටේ
ප්‍රජාතන්ත්‍රවාදයට හානිදායක බවට අපි දැඩි සේ විශ්වාස කරනවා. සමගි ජන
බලවේගය විසින් මේ වන විට ගැසට් කර තිබෙන 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද පක්ෂව ඡන්දය ලබා දීමට අපි බලාපොරොත්තු වනවා‘ ඔහු කීය.
මෙම කණ්ඩායම ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වන විට පක්ෂ 11ක් වූවද ශ්‍රී ලංකා
නිදහස් පක්ෂය මෙම කණ්ඩායමෙන් ඉවත්වී වෙනම ගමනක් යන නිසා දැන් එය පක්ෂ 10 කණ්ඩායම ලෙස හැඳින්වේ.

Attachments area

මතිවානන්ගේ පුටුවට ජයන්ත එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව උප සභාපතිවරයා ලෙස ආචාර්ය ජයන්ත ධර්මදාස පත් කිරිමට අද රැස්වූ විධායක කමිටු සභාව තීරණය කර තිබෙනවා.

හිටපු උප සභාපති කේ. මතිවානන්ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ ධුරයට මෙම පත් කිරිම සිදුකොට තිබෙනවා.

ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ වත්මන් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවයි