SLvsNZ : පළමු දිනය අවසානයේ නවසීලන්ත ලකුණු පුවරුව – 155/2

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේ තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහරදෙන නවසීලන්ත කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 155 ක් ලබා සිටිනවා.

අද දිනයේ වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීමට ප්‍රමාද වූ අතර කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

පන්දු යැවීමේදී ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ශ්‍රී ලංකාවේ පාපන්දු අත්හිටුවීමට රටවල් 197 ක් සහාය දෙයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඡන්ද ප්‍රකාශ කිරීම අත්හිටුවීමේ යෝජනාව ලෝක පාපන්දු සමුළුවේදී වැඩි ඡන්ද 196කින් සම්මත වී තිබෙනවා.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ජ්‍යේෂ්ඨ පාපන්දු විධායකයින් ඇතුළු නියෝජිතයින් 2,000ක් රුවන්ඩාවේ කිගාලි හි දී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙහිදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඡන්ද අයිතිය අත්හිටුවීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 197ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි.

2023 ජනවාරි මාසයේදී මෙරට ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මැතිවරණයට බලපෑම් එල්ල කිරීම හරහා ලෝක පාපන්දු සම්මේලනයේ ප්‍රඥප්තිය කැඩූ බවට ශ්‍රී ලංකාවට චෝදනා එල්ල වී තිබුණා.

එසේම සිම්බාබ්වේ පාපන්දු සම්මේලනයේ ඡන්ද ප්‍රකාශ කිරීම අත්හිටුවීමේ යෝජනාවටද ඡන්ද 199 ක් හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

SLvsNZ : කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය මේ වන විට ආරම්භවී තිබෙනවා.

අද දිනයේ වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීමට ප්‍රමාද වූ අතර මීට සුළු මොහොතකට පෙර කාසියේ වාසිය උරගා බැලීම සිදුකර තිබුණා.

ඒ අනුව දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කලා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල වෙනුවට නිෂාන් මදුෂ්ක කණ්ඩායමට කැඳවා ඇති අතර නවසීලන්ත කණ්ඩායමේ Wagner ආබාධයකට ලක්වීම හේතුවෙන් Doug Bracewell කණ්ඩායමට එක්ව තිබෙනවා.

SLvsNZ : දෙවන ටෙස්ට් තරගය හෙට ඇරඹෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය හෙට (17) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 3.30 ට Wellington හිදී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය තියුණු තරගයකින් පසු කඩුලු දෙකකින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ටෙස්ට් තරග දෙකක් සඳහා අයර්ලන්ත කණ්ඩායම ලබන මාසයේ දිවයිනට

ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහභාගී වීම සදහා අයර්ලන්ත කණ්ඩායම ලබන මස මෙරට සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අප්‍රේල් 16 සිට 20 දක්වාත් දෙවන ටෙස්ට් තරගය අප්‍රෙල් 24 සිට 28 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

SLvsNZ : පළමු ටෙස්ට් තරගයේ ජය නවසීලන්තයට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය තියුණු තරගයකින් පසු කඩුලු 2 කින් ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම අද (13) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 355 ක් ලබා ගත්තා.

සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 373 ක් ලබාගත් අතර පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කළා.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 302 ක් ලබාගත් අතර අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

පන්දු යැවීමේදී පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 4 ක්, ළහිරු කුමාර කඩුලු 3 ක්, කසුන් රාජිත කඩුලු 2 ක් හා ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ලක් බිඳහෙළීමට සමත්වූ අතර දෙවන ඉනිමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක්, ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 ක් හා කසුන් රාජිත 2 ක් හා ළහිරු කුමාර එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Kane Williamson විශිෂ්ට ශතකයක් ලබා ගනිමින් නොදැවී ලකුණු 121 ක් වාර්තා කළා.

තරගාවලිය 1-0 ක් ලෙස නවසීලන්ත කණ්ඩායම පෙරමුණේ පසුවනවා.

SLvsNZ : පස්වන දිනයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන දිනයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ වර්ෂාව හේතුවෙන් මේ වනතෙක් තරගය ආරම්භ කිරීමට නොහැකිවී ඇති බවයි සඳහන් වන්නේ.

ඊයේ (12) දිනය නිමා කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී මේ වන විට ලකුණු 28 ක් ලබා සිටි අතර ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 257 ක් පටුපසින් සිටිනවා.

0dd81b8eafa5f93d204b33c53cc8ab52

be140ca8c8df25af4c63dc7b92b1ca36

SLvsNZ : සිව්වන දිනය අවසානයේ නවසීලන්ත ලකුණු පුවරුව – 28/1

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 28 ක් ලබා සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 302 ක් ලබාගත්තා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 257 ක් පටුපසින් සිටින අතර මේ වන විට පන්දුවට පහරදෙමින් සිටින Tom Latham ලකුණු 11 ක් හා Kane Williamson ලකුණු 7 ක් ලබා සිටිනවා.

SLvsNZ : ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 302 කට සීමාවෙයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 302 ක් ලබා ගැනිමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 284 ක් ඉදිරියෙන් පසුවනවා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 28 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 17 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 14 ක්, ඇන්ජලෝ මැතිවුස් ලකුණු 115 ක්, ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 47 ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 42 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Blair Tickner කඩුලු 4 ක්, Matt Henry කඩුලු 3 ක් හා Tim Southee කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඇන්ජලෝ මැතිව්ස් ශතකයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.

ඒ අනුව ඔහුගේ ශතකය සඳහා හතරේ පහර 10 ක් ඇතුළත් වුණා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 240 ක් ලබා සිටිනවා.