සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය අද (02) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය අද (02) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවති තෙවන හා අවසන් එක්දින තරගය කඩුළු 6 කින් ජය ගනිමින් නවසීලන්ත කණ්ඩායම එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.
තෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 41 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 157 ක් පමණයි.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 57 ක්, නායක දසුන් ශානක ලකුණු 31 ක් හා චාමික කරුණාරත්න ලකුණු 24 ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 2 ක්ද, කසුන් රාජිත හා දසුන් ශානක එක් කඩුල්ල බැඟින්ද බිඳ හෙළිමට සමත් වුණා.
තරග 3 කින් සමන්විත වූ එක්දින තරගාවලියේ දෙවැනි තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා අතහැර දැමූ අතර ඒ අනුව පැවති තරග දෙකම ජයගෙන තරඟාවලිය තරග 2-0 ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තෙවන හා අවසන් එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 157 ක් පමණයි.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 57 ක්, නායක දසුන් ශානක ලකුණු 31 ක් හා චාමික කරුණාරත්න ලකුණු 24 ක් ලබාගත් අතර අනෙක් කිසිඳු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව හෝ ඉක්මවා යාමට නොහැකි වුණා.
ජයග්‍රහණය සඳහා නවසීලන්ත කණ්ඩායම හිමිවී ඇති ඉලක්කය ලකුණු 158 ක්.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තෙවන හා අවසන් එක්දින තරගය අද (31) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇඟිලි ගැසීම් තිබේද යන්න සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව සමාජ මාධ්‍ය, වෙබ් අඩවි හා ශ්‍රී ලංකාවේ ඇතැම් පුවත්පත් වාර්තා කර ඇති බවත්, ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සාකච්ඡාවක් ඉල්ලමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් ලියා තිබෙනවා.
අදාළ සම්පුර්ණ ලිපිය පහතින්,

T20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ හඹාගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තම රට ඉදිරියේ සටහන් කර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වී තිබෙනවා.
ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි T20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.
කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරධනා කළ අතර කොදෙව් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 258 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී Johnson Charles ලකුණු 118 ක්, Kyle Mayers ලකුණු 51 ක් හා Romario Shepherd නොදැවී ලකුණු 41 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් වාර්තා පොත් අලුත් කිරීමට සමත් වුණා.
දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී Quinton de Kock ලකුණු 100 ක්, Reeza Hendricks ලකුණු 68 ක් හා නායක Aiden Markram නොදැවී ලකුණු 38 ක් ලබා ගත්තා.
මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යවරුන් මෙන්ම ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ, විපක්ෂ මන්‍ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විතව එම කමිටුව පත් කිරීමට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
සෑම ක්‍රීඩා ඉසව්වක්ම නියෝජනය වන පරිදි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකු බැගින් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබාදීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ අද (25) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,


ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී ඊඩ්න් පාර්ක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව ප්‍රථම තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණු අතර ඔවුන් ප්‍රථමයෙන් පන්දු යැවීමට තිරණය කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ඇන්ජලෝ මැතිව්ස් එක්ව සිටින අතර ධනංජය ද සිල්වා සහ මහීෂ් තීක්ෂණ මෙම තරඟය ක්‍රීඩා නොකිරීම ද විශේෂත්වයක්.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය හෙට ආරම්භ වනවා.
ඒ අනුව දෙරට අතර එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිත අතර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය වැදගත් වනවා.
වසර දෙකකට පසු ඇන්ජලෝ මැතිව්ස් හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.
ඉන්දියාව සමඟ පැවති තරග 03 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සහ අවසන් එක්දින තරගය ඊයේ (22) චෙන්නායි හි දී පැවැත්වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සියලුදෙනා දැවී ලකුණු 269 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 248 ක් පමණයි.
ඒ අනුව දෙරට අතර පැවති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 21 ක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.
මෙම ජයත් සමග ඉන්දියාව දෙවැනි ස්ථානයට පත් කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.