ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තරගාවලි ජයක්

සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(12) සමත් වුණා.

ඒ දෙරට අතර පැවැති අවසන් විස්සයි විස්ස තරගයෙන් ලකුණු 44 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 158 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 32 යි, හර්ෂිතා නොදැවී ලකුණු 51 ක්, නිලක්ෂි නොදැවී ලකුණු 63 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 114 ක් පමණයි.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ තරඟ කාලසටහන නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර දෙරට අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය ජුනි 2 වනදා ආරම්භ වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

තරග සියල්ලම හම්බන්තොටදී පැවැත්වීමට නියමිතයි.

dd51680c367d26b0075ec88631f32d89

SLvsIRE 2nd Test : ප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක්

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ප්‍රධාන දඟ පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරිය සිය ‍ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 50 වෙනි කඩුල්ල බිඳ දැමීමට අද (28) සමත් වුණා.

ඒ මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අයර්ලන්තය සමඟ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අතරතුරයි.

ප්‍රභාත් ජයසූරියට කඩුළු 50 ලබාගැනීම සඳහා තරග 07ක් වැය වූ අතර එම කඩුළු 50 සඳහා කඩුළු පහේ අවස්ථාව 06ක් සහ කඩුළු 10 අවස්ථාවන් 02ක් ද ඇතුළත් වනවා.

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ දඟපන්දු යවන ක්‍රීඩකයින් අතරින් කඩුළු 50 අවස්ථාව වේගයෙන්ම ලබාගත් පන්දු යවන්නා ලෙසද ප්‍රභාත් ජයසූරිය ක්‍රිකට් වාර්තා අතරට එකතු වුණා.

SLvsIRE 2nd Test : ශ්‍රී ලංකාව කඩුළු 3 ක් දැවී ලකුණු 704 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 704 ක් ලබා සිටින විට සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිෂාන් මදුෂ්ක හා කුසල් මෙන්ඩිස් ද්විත්ව ශතක වාර්තා කළ අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 115 ක් හා ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 100 ක් ලබා ගත්තා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 212 ක් ඉදිරියෙන් පසුවනවා.

SLvsIRE 2nd Test : කුසල්ගෙන් ද්විත්ව ශතකයක්

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ අනුව ඔහු සිය ද්විත්ව ශතකය වාර්තා කිරීම සඳහා හතරේ පහර 14 ක් හා හයේ පහර 9 ක් එල්ල කර තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 564 ක් ලබා සිටිනවා.

SLvsIRE 2nd Test : නිශාන් මධුෂ්ක සි​ය මංගල ද්විත්ව ශතකය වාර්තා කරයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේදී මංගල ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට නවක ක්‍රීඩක නිශාන් මධුෂ්ක සමත් වුණා.

ඔහුගේ එම ද්විත්ව ශතකයට හතරේ පහර 22ක් සහ එක් හයේ පහරක් ඇතුළත්.

සිය දෙවන අන්තර්ජාතික ටෙස්ට් තරඟාවලියේ දී නිශාන් මෙලෙස ද්විත්ව ශතකයක් රැස් කිරීමට සමත්වීම විශේෂත්වයක්.

SLvsIRE 2nd Test : කුසල්ගෙන් ශතකයක්

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.

කුසල් මෙන්ඩිස් සිය ශතකය වාර්තා කිරිම සඳහා හතරේ පහර 7 ක් හා හයේ පහර 5 ක් එල්ල කර තිබුණා.

නිශාන් මදුෂ්ක ද අද උදෑසන සිය මංගල 150 වාර්තා කළ අතර මේ වන විට ඔහු නොදැවී ලකුණු 177 ක් ලබා සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 426 ක් ලබා සිටිනවා.

SLvsIRE 2nd Test : තරගයේ 3 වන දිනයට වර්ෂාවෙන් බාධා

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (26) වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් නියමිත වේලාවට පෙර තරගය අවසන් කිරීමට සිදු වුණා.

ඒ අනුව තුන්වන දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 357 ක් ලබා සිටිනවා.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 115 කට දැවීගිය අතර නොදැවී පන්දුවට පහරදෙන නිෂාන් මදුෂංක ලකුණු 149 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 83 ක් ලබාගෙන තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 135 ක් පිටුපසින් සිටිනවා.

SLvsIRE 2nd Test : දිමුත් සහ නිෂාන් ශතක වාර්තා කරයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේදී ශතක වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සහ නිෂාන් මදුෂ්ක සමත් වුණා.

දිමුත් කරුණාරත්න සිය 16 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීම සඳහා හතරේ පහර 13 ක් වාර්තා කළ අතර ලකුණු 115 ක් ලබා සිටියදී ඔහු දැවී ගියා.

සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ නිෂාන් මදුෂ්ක මේ වන විට නොදැවී ලකුණු 104 ක් ලබා සිටිනවා. ඔහුගේ ශතකයට හතරේ පහර 14 ක් හා එක් හයේ පහරක් ඇතුලත් වුණා.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 228 ක් ලබා සිටිනවා.

SLvsIRE 2nd Test : තරගයේ දෙවන දිනය අදයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය සඳහා තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන අයර්ලන්ත කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 328 ක් ලබා සිටිනවා.

නොදැවී පන්දුවට පහරදෙන Paul Stirling ලකුණු 80 ක් හා Curtis Campher ලකුණු 28 ක් ලබා සිටිනවා.