LPL 2023: B-Love Kandy කණ්ඩායමට කඩුලු 7 ක ජයක්

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B-Love Kandy කණ්ඩායම හා Dambulla Aura කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 156 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 61 ක් හා අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 32 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී B-Love Kandy කණ්ඩායම වෙනුවෙන් Mujeeb Ur Rahman හා ඉසුරු උදාන කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ B-Love Kandy කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු තුනක් අවසානයේ කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
පන්දුවට පහරදීමේදී B-Love Kandy කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 48 ක්, Fakhar Zaman ලකුණු 28 ක් හා ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 28 ක් ලබා ගත්තා.

 

LPL 2023: B-Love Kandy කණ්ඩායමට ලකුණු 157 ක ඉලක්කයක්

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B-Love Kandy කණ්ඩායම හා Dambulla Aura කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 156 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 61 ක් හා අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 32 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී B-Love Kandy කණ්ඩායම වෙනුවෙන් Mujeeb Ur Rahman හා ඉසුරු උදාන කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව B-Love Kandy කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 157 ක්.
ලකුණු පුවරුව පහතින්.

64cce167a6ebe

 

LPL 2023: කාසියේ වාසිය Dambulla Aura කණ්ඩායමට

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B-Love Kandy කණ්ඩායම හා Dambulla Aura කණ්ඩායම අතර තරගය ආරම්භ වීමට නියමිතයි.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට Dambulla Aura කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

LPL තරගාවලියේ පළමු දින 03 තුළින් රුපියල් මිලියන 1.8 ක් ලිට්ල් හාට්ස් අරමුදලට

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග පැවති පළමු දින 03 තුළ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘ලිට්ල් හාට්ස්’ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1.8 ක් පරිත්‍යාග කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව මෙතෙක් ක්‍රීඩා කර ඇති පළමු තරග 5 තුළදී හතරේ පහර 129 ක් සහ හයේ පහර 50 ක් වාර්තා වී ඇති අතර, නිලකුණු පන්දු 494 ක් යොමුකර තිබු බවයි සඳහන් වන්නේ.

තරගාවලියේ සෑම තරගයකදීම සෑම හතරේ පහරකටම රුපියල් 4,000ක්, ලකුණු හයක් සඳහා රුපියල් 6,000 ක් සහ තරගාවලියේදී යවන සෑම නිලකුණු පන්දුවකටම රුපියල් 2,000 බැගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිට්ල් හාට්ස් වෙනුවෙන් පරිත්‍යාග කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

64cccf509abc0

LPL 2023: අද පැවැත්වෙන තරග

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (04) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද පළමු තරගය B-Love Kandy කණ්ඩායම සහ Dambulla Aura කණ්ඩායම අතර අද පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

දෙවන තරගය Galle Titans කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වෙන අතර එය රාත්‍රී 7.30 ට ආරම්භ වනවා.

LPL 2023: ඊයේ තරග සාරාංශය

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (01) පැවති තරගවලින් ජය ගැනීමට Dambulla Aura කණ්ඩායම සහ Galle Titans කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඊයේ පැවති පළමු තරගය Dambulla Aura කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම සමඟ පැවති අතර එහිදී කාසියේ වාසිය දිනාගත් Jaffna Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 129 ක් ලබාගත් අතර එම කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 56 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Dambulla Aura කණ්ඩායම පන්දුවාර 16 යි පන්දු දෙකක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වූ අතර එහිදී එම කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 52 ක් ලබා ගත්තා.

ඉන් අනතුරුව ඊයේ පැවති දෙවන තරගය Galle Titans කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම සමඟ පැවති අතර එහිදී කාසියේ වාසිය දිනා ගත් Galle Titans කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

Galle Titans කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 180 ක් ලබාගත් අතර එම කණ්ඩායම වෙනුවෙන් Tim Seifert ලකුණු 74 ක්, Shakib Al Hasan ලකුණු 30 ක් හා ශෙවෝන් ඩැනියල් ලකුණු 25 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ B-Love Kandy කණ්ඩායමට පන්දුවාර 17 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 97 ක් පමණක් වන අතර එම කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත්තේ අශේන් බණ්ඩාර වන අතර ඔහු ලකුණු 27 ක් ලබා ගත්තා.

ඒ අනුව Galle Titans කණ්ඩායම ලකුණු 83 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

LPL 2023 : ඊයේ තරග සාරාංශය

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B-Love Kandy කණ්ඩායම හා Colombo Strikers කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 157 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් Babar Azam ලකුණු 59 ක්, නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 28 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ B-Love Kandy කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 130 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී B-Love Kandy කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 3 ක්, Naseem Shah හා ජෙෆරි වෙන්ඩෙසේ කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

මේ අතර ඊයේ දිනයේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Titans හා Dambulla Aura කණ්ඩායම් අතර පැවති තරගය සුපිරි පන්දුවාරයෙන් ජය ගැනීමට Galle Titans කණ්ඩායම සමත් වුණා.

LPL 2023: Dambulla Aura කණ්ඩායමට ලකුණු 181 ක ඉලක්කයක්

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Titans හා Dambulla Aura කණ්ඩායම් අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Galle Titans කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී Galle Titans කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ ලකුණු 48 ක්, ශෙවෝන් ඩැනියල් ලකුණු 33 ක් සහ නායක දසුන් ශානක නොදැවී ලකුණු 42 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් Shahnawaz Dahani කඩුලු 2 ක්ද බිනුර ප්‍රනාන්දු හා ධනංජය ද සිල්වා කඩුලු 1 බැඟින්ද බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව Dambulla Aura කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 181 ක්.

ලකුණු පුවරුව පහතින්.

64c798746fa1f

LPL 2023: කාසියේ වාසිය Dambulla Aura කණ්ඩායමට

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Titans හා Dambulla Aura කණ්ඩායම් අතර තරගය අද (31) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

LPL 2023: අද පැවැත්වෙන තරග

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (31) තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පළමු තරගය Galle Titans  හා Dambulla Aura කණ්ඩායම් අතර පැවැත්වෙන අතර එම තරගය පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

එසේම B-Love Kandy කණ්ඩායම හා Colombo Strikers කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 7.30 ට පැවැත්වෙනවා.