සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනමක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සිදුකරන විමර්ශනවලට අදාළව මෙම විදෙස් ගමන් තහනම පනවා ඇති බවයි සඳහන් වන්නේ.

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරේදී ක්‍රීඩකයින් දෙදෙනෙකු වෙත ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් තරග පාවාදීමට පෙළඹවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත දන්වා ඇත්තේ.

LPL 2023: අද පැවැත්වෙන තරග

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 02 ක් අද (13) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පළමු තරගය Jaffna Kings කණ්ඩායම හා Galle Titans කණ්ඩායම අතර තරගය අද පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

එසේම දෙවන තරගය Colombo Strikers කණ්ඩායම හා B-Love Kandy කණ්ඩායම අතර තරගය අද රාත්‍රී  7.30 ට ආරම්භ වනවා.

LPL 2023: ඊයේ තරග සාරාංශය

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (12) පැවති තරග දෙකකින් ජය ගැනීමට B-Love Kandy කණ්ඩායම හා Dambulla Aura කණ්ඩායම සමත් වුණා.

ඊයේ පළමු තරගය B-Love Kandy කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම සමඟ පැවති අතර එහිදී B-Love Kandy කණ්ඩායම ලකුණු 8 ක ජයක් ලබා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් B-Love Kandy කණ්ඩායම  පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 178 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Jaffna Kings කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ ලබා ගත්තේ කඩුලු 6 ක් දැවී ලකුණු 170 ක් පමණයි.

දෙවන තරගය Dambulla Aura කණ්ඩායම හා Colombo Strikers කණ්ඩායම් අතර පැවති අතර එහිදී ලකුණු 50 ක ජයක් ලබා ගැනීමට Dambulla Aura කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම  පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 166 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Colombo Strikers කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 116 ක් පමණයි

LPL 2023: අද පැවැත්වෙන තරග

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (11) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව Dambulla Aura කණ්ඩායම හා Galle Titans කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

පාපන්දු නිලවරණය සැප්තැම්බර් 16 වනදා පැවැත්වීමට තීරණය කෙරේ

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සැප්තැම්බර් මස 16 වන දා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පාපන්දු ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරග වලට සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මෙම නිලවරණය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරග ඔක්තෝම්බර් මස 12 වන දින ආරම්භ වීමට නියමිත අතර අවම වශයෙන් ඊට දින 10කට පෙර නිලවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැනුම්දී තිබුණේ.

LPL 2023: ඊයේ තරග සාරාංශය

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (08) පැවති තරග දෙකෙන් ජය ගැනීමට B-Love Kandy කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

ඊයේ පළමු තරගය B-Love Kandy කණ්ඩායම සහ Galle Titans කණ්ඩායම අතර පැවති අතර කාසියේ වාසිය දිනාගත් Galle Titans කණ්ඩාමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් B-Love Kandy කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 203 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Galle Titans කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 114 ක් පමණක් වන අතර ඒ අනුව තරගය ලකුණු 89 කින් ජය ගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.

දෙවන තරගය Colombo Strikers කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර පැවති අතර එහිදී කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහිදී ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 146 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Jaffna Kings කණ්ඩායම පන්දුවාර 14 ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්වූ අතර ඔවුන් කඩුලු 6 ක ජයක් ලබා ගත්තා.

LPL 2023: Colombo Strikers කණ්ඩායමට ලකුණු 189 ක ඉලක්කයක්

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Colombo Strikers කණ්ඩායම හා Galle Titans කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Galle Titans කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 188 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී Galle Titans කණ්ඩායම වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ ලකුණු 36 ක්, ශෙවෝන් ඩැනියල් ලකුණු 49 ක්, භානුක රාජපක්ෂ ලකුණු 30 ක් හා නොදැවී පන්දුවට පහරදුන් Tim Seifert ලකුණු 54 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් Naseem Shah, රමේෂ් මෙන්ඩිස් හා ලක්ෂාන් සඳකැන් එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ජයග්‍රහණය සඳහා Colombo Strikers කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 189 ක්.
ලකුණු පුවරුව පහතින්.

64d0d38ff0140

LPL 2023: කාසියේ වාසිය Colombo Strikers කණ්ඩායමට

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Colombo Strikers කණ්ඩායම හා Galle Titans කණ්ඩායම අතර තරගය අද (07) පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට Colombo Strikers කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
තරගය පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රේලියානු මූලික සංචිතය නම් කෙරේ

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු මූලික සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වයට Pat Cummins පත්කර තිබෙනවා.

මෙම සංචිතයෙන් මැද පෙල පිතිකරුවෙකු වන Marnus Labuschagne ඉවත්කර ඇති අතර මෙතෙක් එක්දින වරම් දිනා නොමැති පාදඟ පන්දු යවන ක්‍රීඩක Tanveer Sangha හා තුන් ඉරියව් ක්‍රීඩක Aaron Hardie මෙන්ම Nathan Ellis ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

මෙම සංචිතයේ ක්‍රීඩකයින් පළමුව දකුණු අප්‍රිකාවේ දී තරග 5 කින් යුත් එක්දින තරගාවලියක් ද, අනතුරුව ඉන්දියාවේ දී තරග 3 කින් යුත් එක්දින තරගාවලියක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

අදාළ සංචිතය පහතින්,

64d08f80a49c8

LPL 2023: ඊයේ තරග සාරාංශය

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (05) පැවති තරග දෙකෙන් ජය ගැනීමට Dambulla Aura කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම සමත් වුණා.

ඊයේ පළමු තරගය Dambulla Aura සහ Colombo Strikers කණ්ඩායම් සමඟ පැවති අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Dambulla Aura කණ්ඩායමට ආරාධනා කළා.

ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 192 ක් රැස්  කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Colombo Strikers කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 182 ක් පමණයි.

ඒ අනුව Dambulla Aura සහ Colombo Strikers කණ්ඩායම් සමඟ පැවති තරගය ලකුණු 10 කින් ජය ගැනීමට Dambulla Aura කණ්ඩායම සමත්  වුණා.

ඊයේ දිනයේ දෙවන තරගය Jaffna Kings කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම අතර පැවති අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් B-Love Kandy කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Jaffna Kings කණ්ඩායමට ආරාධනා කළා.

Jaffna Kings කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩලු 9 ක් දැවී ලබා ගත්තේ ලකුණු 117 ක් පමණක් වන අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ B-Love Kandy කණ්ඩායම පන්දුවාර 13 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ඒ අනුව Jaffna Kings කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 8 ක ජයක් ලබා ගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.